යුගදනවි කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කරන්න එකඟතාවක්

යුගදනවි තාප විදුලි බලාගාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති කැබිනට් පත්‍රිකාවට නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පෙරේදා (28) පැවැති පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාව පළ කර ඇත.

ජනපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඔක්තෝබර් 28 දින රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන පක්ෂ නායක හමුවේ දී මෙම එකඟතාව පළ කර ඇත.

මෙයට අමතරව කොවිඩ්-19 වසංගතයේ සහ ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවේ වර් තමාන තත්ත්වය, කොවිඩ් -19 හමුවේ සංචාරක ව්‍යාපාරය මුහුණපාන ගැටලු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ බටහිර හා නැඟෙනහිර ජැටි සංවර්ධනය, රජයේ සංවර්ධන කටයුතු අධීක්ෂණය, බඩු මිල හා කාබනික කෘෂි වගාව සහ පොහොර සම්බන්ධව පක්ෂ නායකයන් සාකච්ඡා කර ඇත.

මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඇමැතිවරුන්වන බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩග්ලස් දේවානන්දා, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, නාමල් රාජපක්ෂ මහත්වරු සහ රාජ්‍ය ඇමැතිරුන්වන දයාසිරි ජයසේකර, ජීවන් තොණ්ඩමන්, පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සාගර කාරියවසම්, මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එල්.එම් අතාවුල්ලා, ටිරාන් අලස්, වීරසුමන වීරසිංහ, ගෙවිඳු කුමාරතුංග මහත්වරු ඇතුළු පක්ෂ නියෝජිතයෝ පැමිණ ඇත.