කොල්ලුරේව සභාපතිධූරයෙන් ඉවත් කිරිම ගැන වාරණයක්

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතාය  එම තනතුරෙන් ඉවත් කිරීම වාරණය කරමින් කොළඹ දිසා අධීකරණය වාරණයක් නිකුත් කර ඇත.

එම වාරණය විනිසුරු අරුණ අලුත්ගේ නියෝගයක් නිකුත් කර ඇත.

රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරයෙන් පසුගිය 24 වනදා ඉවත් කරනු ලැබූ අතර ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ දේශපාලන මණ්ඩලය රැස්වී එම තීරණය ගෙන තිබුණි.