රටේ ලොකුම ප්‍රවෘත්තිය මුදල් ඇමතිට දන්වලා නැහැ

චීන තානාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ගත කළ සිද්ධිය තමන්ට දන්වා නැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත.

ඔහු  මේ බව පවසා තිබුණේ ඔක්තෝබර් 30 වන දින දළදා මාලිගාවට ගිය අවස්ථාවේදී මාධ්‍ය ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමිනි.

අය – වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර තමන් දළදා හිමියන්ගේ ආශිර්වාද ලබා ගැනීමට පැමිණි බවත් චීන තනාපති කාර්යාලය මහජන බැංකුව අසාදු ගත කළ සිද්ධිය තමන්ට දන්වා නැති බවත් ඔහු ඒ මොහොතේදී පවසා තිබුණි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය  මෙම පියවර ගෙන ඇති අතර එම කාර්යාලය  ඔක්තෝබර් 29 වන දින විට ඒ බව චීන වෙළඳ අමාත්‍යාංශය වෙතද නිල වශයෙක් දන්වා ඇත.

චීන සමාගමකින් පොහොර ආනයනය කිරීම සදහා  එම බැංකුව එම සමාගමට නිකුත් කළ ණයවර ලිපියට අදාළ ගෙවීම් පැහැර හැරීම  හේතුවෙන්   තානාපති කාර්යාලය මෙම පියවර ගෙන ඇත.

තවද ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශ්‍රී ලංකා මහජන බැංකුව  නිකුත් කරන ලද ණයවර ලිපි පිළිගැනීමෙන් වළකින ලෙසත් චීන තානාපති කාර්යාලය සියලුම චීන ව්‍යවසායකයන්ට දන්වා ඇත.

මෙම සිද්ධිය පිළිබදව චීන තානාපති කාර්යලයේ ආර්ථික හා වාණිජ කාර්යාලයේ වෙබ් අඩවියේ පුවතක් පළ කර ඇත. 

සැලකිය යුතු L/C අවදානම් අනතුරු ඇඟවීම: ශ්‍රී ලංකා මහජන බැංකුව පැහැර හැරීමේ අසාදු ලේඛනයට ඇතුළත් වේ

ශ්‍රී ලංකා මහජන බැංකුව විවෘත කළ ණවර ලිපි සඳහා අදාල මුදල් ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් මෙලෙස අසාදු ලේඛනයට ඇතුළත් කළ බවය.

“මෑතක දී ශ්‍රී ලංකා මහජන බැංකුවට ණය පැහැර හැරීමේ දුෂ්ට ලිපියක් ඇති අතර, එමඟින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාමේ දී චීන සමාගම්වලට විශාල පාඩුවක් සිදු විය. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය දැන් බැංකුව අසාදු ලේඛනගත කරයි.

අවදානම් වැලැක්වීම සහ පාලනය ශක්තිමත් කරන ලෙසත්, ශ්‍රී ලංකාව සමඟ වෙළඳාම් කිරීමේදී බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි භාර ගැනීමෙන් වළකින ලෙසත්, වෙළඳ අවදානම් ඉවත් කරන ලෙසත් චීනයේ අරමුදල් ලබන සියලුම ව්‍යවසායන්ගෙන් ඉල්ලා සිටී.” යනුවෙනි.

මෙම අසාදු ගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මහජන බැංකුවෙන් කළ විමසිමකදි එහි උසස් නිළධාරියෙක් පවසා ඇත්තේ,  ණයවර ගෙවීම තහනම් කරමින් කොළඹ වානිජ අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා දි ඇති බවත්  එම තහනම් නියෝගය හේතුවෙන් මුදල් ණයවර නිකුත් කිරීම තාවකාලිකව නතර කර ඇති බවත්ය.

https://fb.watch/8YQI_x2IRV/