මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල එකඟතාව පළ කර ඇත.
ඒ අනුව යෝජිත වෛද්‍ය විද්‍යාලයේ ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 33.2 ලබා ගැනීම සඳහා ගිවිසුමට එළඹීමට මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.