කුටිටිආරච්චිගෙන් සද්දයක්! ඉන්නවා නම් ඉන්න! නැත්නම් යන්න!

ආණ්ඩුව ඇතුළේ ඉදගෙන  ආණ්ඩුව විවේචනය කරන එක නවත්වන්න, එහෙම කරන්න බැරිනම්  ආණ්ඩුවෙන් අයින් වෙලා යන්න කියලා ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කියලා තියෙනවා.

හඩ්ලයින් නිව්ස් යූටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් කියලා තියෙන්නේ.

‘ආණ්ඩුව හදන්න ගෙනාපු අය, සුලු පක්ෂ අතරේ ප්‍රධාන පක්ෂයක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.ඔය කිසිම පක්ෂයක කිසිම පුද්ගලයෙකුට පොහොට්ටුව කියන සලකුණ තිබුණේ නැත්නම් පාර්ලිමේන්තුවට එන්න බැහැ. මම අභියෝග කරනවා. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට තනියෙන් ඉල්ලා දිනන්න පුලුවන්ද පොහොට්ටු නැතිනම්, විමල් වීරවංශ ඇමතිතුමාට ඉල්ලා දිනන්න පුලුවන්ද පොහොට්ටු නැතිනම්, උදය ගම්මන්පිල ඇමතිතුමාට දිනන්න පුලුවන්ද පොහොට්ටුව නැතිනම්, මම කෙලින්ම නම් වශයෙන් කියන්නේ. මට දිනන්න පුලුවන්ද? දිනන්න බැහැ. පොහොට්ටුව කියන ලාංඡනය, මේ සෑම… ඹඩ ඉදන් දිනපු.. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සිට පහළ පාර්ලිමේන්තුව නියෝජනය කරන පසුපෙල මන්ත්‍රීවරයා දක්වා අපි සියලු දෙනාම දිනුවේ පොහොට්ටුව කියන ලාංඡනය නිසා. අපි ඒක මතක තියාගන්න ඕනෑ. ඒ නිසා පොහොට්ටුව පක්ෂයේ සුලු පක්ෂවල ඉන්න අය දැනගන්න ඕනෑ අපි සාමුහිකත්වයෙන්. ප්‍රධාන කාරණාව තමයි මේ අය මේ සාමුහිකත්වය බින්දා. අපි අභයන්තරයේ කතා කරන්න ඕනෑ. අපේ ගෙදර තියෙන ප්‍රශ්ණ. අම්මයි, තාත්තයි, දරුවෝ තුන්දෙනයි ඉන්න ගෙදර.. ලොකු පුතාට මානසික ප්‍රශ්ණයක් තියෙනවා නම්, අල්ලුපු ගෙදර නැන්දත් එක්කයි, මාමාත් එක්කයි ගිහින් කතා කෙළාත් මොකද වෙනනේ. මොකද අල්ලපු ගෙදර නැන්දයි, මාමායි හරී කැමතියි අපේ ගෙදර ප්‍රශ්න වෙනවා නම්. අපිට බොරු ආදරයක් පෙන්නලා… අපේ ප්‍රශ්ණ ඔක්කෝම ටික අහගන්නවා.. ඒ අපිට ආදරේටද? නැහැ. ඕපදූප ටික අහගන්න. අන්න ඒ වගේ සරල සිද්ධියක්නේ මේ වෙලා තියෙන්නේ. ආණ්ඩුව ඇතුළේ තියෙන ප්‍රශ්නය එළියේ ගිහිල්ලා කතා කරන එකේ ඵලවිපාක තමයි.. මම හිතන්නේ  මේ 11 දෙනාට ජනාධිපතිතුමාගෙන් රැස්වීමක් ලැබෙන්නේ නැත්තේ. ඒ නිසා මම නම් බොහෝම විවෘත කියන්නේ ඉන්න පුලුවන් නම් ඉන්න ඕනේ. බැරි නම් යන්න ඕනෑ. ඉන්නවා නම් කොන්දත් කෙලින් තියාගෙන ආණ්ඩුව කියන මතයේ ඉදගෙන, ආන්ඩුව රැකගත්ත ඕන. ආණ්ඩුව ගේනාවා කියලා.. දැන් අංගුලිමාලාට වෙච්ච දේ බලන්නකෝ… අංගුලිමාලාට අධ්‍යාපනය ලබා දුන්නා කියලා ඉවර වෙලා.. අන්තිමට කියනවා ඇඟිලි ටික කපන් එන්න කියලා. ඉතිං ඇගිලි 1000 ක් සම්පූර්ණ කරන්න ගත්තාට පස්සේ තමයි අංගුලිමාලා බවට පත්වුණේ.ඊට කලින් බොහොම හොඳ අහිංසක ශිෂයයෙක්නේ..’