ඉදිරියේදී  ‘ගරු මහ බැංකු අධිපතිතුමා’ වෙයි!

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට කැබිනට් ඇමතිවරයෙකුගේ තත්ත්වය පිරිනමා ඇත. 

මෙම නව බලතලත සමග ඔහු රටේ පස්වැනි පුරවැසියා බවට පත් වී ඇති අතර ඒ අනුව මින් ඉදිරියට මහබැංකු අධිපතිවරයා ‘ගරු මහ බැංකු අධිපතිතුමා’ ලෙස ආමන්ත්‍රණය කිරීමට නියමිතය. රාජ්‍ය උත්සවවලදී කැබිනට් අමාත්‍යවරුන් අසුන් ගන්නා පේලියේ අසුන් පනවනු ඇත.

රටේ පළමු පුරවැසියා ජනාධිපතිවරයා වන අතර අගමැති, කතානායක, අගවිනිසුරු පිළිවලින් දෙවැනි,තුන්වැනි හා හතර වැනි පුරවැසියන් වේ. මහා බැංකු අධිපතිවරයා මින් මතු 5 වැනි පුරවැසියා බවට පත්වන්නේ කැබිනට් ඇමැතිවරුන් පස්වැනි පුරවැසියන් ලෙස ගැනෙන බැවිනි.