බීලා පුද්ගලයෙකුට පහර දෙන්තේ ඩීඅයිජී කෙනෙක්

සමාජ මාධ්‍ය ජාලාවල පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝවක් සංසරණය වන අතර  පුද්ගලයෙකුට පහර දෙනු ලබන්නේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කොට ඇති අතර එම විඩියෝවේ පහර කෑමට ලක්වන පුද්ගලයා පවසන්නේ එම නිලධාරීයා මත්පැන් පානය කර සිටින බවය.

අදාල නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිබඳව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම නිලධාරීයා 2021 ජූනි 21 දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස උසස් වීමක් ලබා දී තිබුණි.

රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේදී අදාල පහර දීම සිදු කර ඇත.

අදාල පුද්ගලයාට පහර දෙනු ලබන එම නිලධාරීයා මීට පෙර ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු වශයෙන් සිටියදීද මෙවැනිම ආකාරයේ පහරදීම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අයෙකු බව වාර්තා වේ. ‌