බුද්ධි මාරඹේව ගෙදර යවනවාලු! පුටුවේ ඉදගෙන විවේන කරන්න බැහැ!

රජයේ කාබනික  වගා ව්‍යාපෘතිය විවේචනය කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ  ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සභාපති  ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය බුද්ධි මාරඹේව   එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කටයුතු කරන බව ඔහු පවසා ඇත.

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  කෘෂිකර්ම විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ  මහාචාර්යවරයකු වන බවත් තම තනතුරේ සිට අදාල ව්‍යාපෘති විවේචනය කළ නොහැකි බවත් ඒ මහතා පවසා ඇත.

අදාල විවේචනයන් පිළිබඳව විවිධ පුද්ගලයන්  හා සංවිධාන ගණනාවක් තමන්ට කරුණු පෙන්වා දීමෙන් අනතුරුව මාරඹේ මහතාව  එම තනතුරෙන් ඉවත් කිරීමට ඇමැතිවරයා තීරණය කර ඇති බව ඔහු පවසා ඇත.

අමාත්‍යංශයේ තනතුරක් දරමින්  කෘෂිකර්ම ප්‍රතිපත්ති සාදන අතරේ  එම  ප්‍රතිපත්ති විවේචනය කිරීම බරපතළ වරදක් බවත් ඒ මහතා පවසා ඇත. 

මාරඹේ මහතාව අදාල තනතුරෙන් ඉවත් කිරීමට ඔක්තෝබර් 26 දින තුළ කටයුතු කරන   බවත් අලුත්ගමගේ මහතා පවසා ඇත.