ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ
පවත්වපු ආණ්ඩු පක්ෂ රැස්වීමකට මන්ත්‍රීවරු 52 ක් පැමිණ නැති බව මාධ්‍ය වාර්තා කර ඇත.
ඔක්තෝබර් 24 දින අදාල රැස්වීම පවත්වා ඇත.
ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබාදෙන මන්ත්‍රිවරු එකසිය පනස් නවයක් සිටින බවත් එම පිරිසෙන් මන්ත්‍රිවරුන් පැමිණ ඇත්තේ එකසිය හතක් පමණක් බවත් අදාල වාර්තා වල දැක්වේ.
කෙසේ වෙතත් අදාල රැස්වීම්ට නොපැමිණි මන්ත්‍රිවරුන් 52ගෙන් 20දෙනෙකු පැමිණීමට නොහැකි බව දැනුම් දී ඇත.
එම රැස්වීමට සහභාගී නොවූ මන්ත්‍රිවරුන් අතර මෛත්‍රිපාල සිරිසේන සහ විමල් වීරවංශ සිටින බව වාර්තා වල දක්වා ඇත.
මෙම මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා ගැටලු පිළිබඳ සාකච්ඡා කළද මුදල් ඇමැතිවරයා බැසිල් රාජපක්ෂ කිසිවක් පවසන්නේ නැතිව මුලු සාකච්චාව පුරා නිහඬව සිටි බවත් වාර්තා කර ඇත.