රාජා කොල්ලුරේව  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවතට

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සභාපති වශයෙන් කටයුතු කළ රාජා කොල්ලුරේ මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු දැරූ පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර ඇත.

මෙම තීන්දුව ඔක්තෝබර් 24 දින පක්ෂ මූලස්ථානයේදී රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව වෙත පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගෙන එන ලද යෝජනාව සම්මත වීමෙන් මෙම තීරණය ගෙන ඇත.

මධ්‍යම කාරක සභාව තවදුරටත් පැවැත්වෙමින් තිබෙන අතර රැස්වීම අවසානයේ පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසා ඇත.