ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්රිකාවලින් හෙළිදරව් කර තිබෙන කරුණු පිළිබඳ ප්රශ්න කිරීම සඳහා නිරෑපමා රාජපක්ෂ මහත්මියව ඔක්තෝබර් 25 දින අල්ලස් හෝ දූෂණ කොමිසමට කැඳවීමට නියමිතය.
ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතාව දෙවතාවක් අල්ලස් දූෂණ කොමිසමට කැඳවා ප්රශ්න කර තිබුණු අතර එහිදී ඔහුට නගා ඇති විදේශ වත්කම් චෝදනාවලින් බහුතරයක් ප්රතික්ෂේප කරන බව ඒ මහතා අල්ලස් හෝ දූෂණ කොමිසමට පවසා ඇත.