රාජ්ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ව කොළඹ සරසවියේ කුලපති ධුරයට පත් කිරීමට රජය තීරණය කර ඇති බව දේශය පුවත්පත වාර්තා කර ඇත.
මේ වනවිට ඒ ගැන උන්වහන්සේට දන්වා ඇති බවත් ඒ හිමියන්ගේ කැමැත්ත කුමක්දැයි විමසා ඇති බවත් වාර්තා කර ඇත.
2001 සිට මේ දක්වා ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් රදගුරුතුමන් අදාල තනතුර දරණ බවත් ඒ හිමියන්ගේ නිල කාලය නිම වීමට නියමිත බැවින් මුරුත්තෙට්ටුවේ හිමියන්ගේ නම යෝජනා වී ඇති බවත් වාර්තා වේ සදහන් කර ඇත.