දොස්තර පාදෙණියගෙයි මහාචාර්ය යාපාගෙයි පඹයෝ ගිනි තියන්න! දයාසිරි කියයි..

කාබනික වගාව මුල් කරගෙන මතුව ඇති ගැටලුවට ගිනි තැබිය යුත්තේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේගේ පඹයන් නොව ජනාධිපතිවරයාට ඒ සදහා උපදෙස් දුන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ මහාචාර්ය යාපාගේ බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසා ඇත.

ඒ මහතා පවසා ඇත්තේ කාබනික පොහොර වැඩපිළිවෙළ ඉතා යහපත් වුවත් මාස හයෙන් එය කළ නොහැකි බවත්. දැන් විරෝධතා හමුවේ පාදෙණිය මහතා හෝ යාපා මහතා දකින්නටවත් නැති බවත් මුලු ආණ්ඩුවම මේ හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති බවත් ඔහු පවසා ඇත.

‘මම දන්නවා පොහොරවල ප්‍රශ්නය මොකක්ද කියලා. මම කියන්නේ නැහැ කාබනික පොහොර නරකයි කියලා.කාබනික පොහොර වැඩපිළිවෙළ ඉතාම හොඳයි. මේ රටේ ප්‍රශ්න තියෙනවා.වකුගඩු රෝග තියෙනවා, පිලිකා තියෙනවා. මේ ප්‍රශ්නවලින් මිදෙන්න නම් කාබනික පොහොර වැඩපිලිවෙලක් ගෙන්න ඕනේ. ඒ කාබනික පොහොර වැඩපිලිවෙල අපි කියලා තියෙන්නේ අවුරුදු 10 කින් කරනවා කියලා. ඒ වැඩපිලිවෙල සකස් කරගෙන යනකොට මහාචාර්ය අනුරුද්ද පාදෙනිය මහත්තයායි, මහාචාර්ය යාපා කියලා දෙන්නෙක් ගෙනල්ලා කිව්වා, මේක මහ කන්නයේ ඉදලා පටන් ගන්න කියලා. දැන් මොකද වුනේ.’

‘දැන් අනුරුද්ද පාදෙනිය හොයාගන්නත් නැහැ. මහාචාර්ය යාපා හොයා ගන්නත් නැහැ. අර අහිංසක මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ රූප ගහ ගහා පුච්චනවා. ගිනි තියනවා.පුච්චන්න තියෙන්නේ කාගෙවත් නෙවෙයි. ඔය අනුරුද්ද පාදෙනයිගෙයි, යාපාගෙයි දෙන්නාගේ. මොකද ඒ ගොල්ලෝ කවුරු හරි ලියපු කොපියක් උස්සගෙන ගිහින් ඕක කියලා වැෙඩ් කරන්න ගියාම ඒක කරන්න බැහැ. ගම ඇතුලේ ඒක කිරීම ප්‍රයෝගික නැහැ.’

‘ඇත්තමට දැන් පුච්චන්න ඕනෑ මේකට ඩේටා දුන්න දෙන්නාගේ මුහුණවල්වල පොටෝ දෙක.ඒ ගොල්ලෝ මේක අදාල නැහැ වගේ ඉන්නවා. හැබැයි මේ සිද්ධිය නිසා මුලු ආණ්ඩුවම විශාල අපහාසුතාවයට පත්වෙලා ඉන්නවා.’