වෙළුම් විසි දෙකයි පාස්කු කොමිසමට
ඇළුම් කරන්නේ කවුරුද සැඟවුමට
පිලුම් ගහනවද තවමත් ගිවිසුමට
බැලුම් පැලෙයි ලැබුණොත් ඉඩ යුක්තියට
එලියට දාපු වෙලුමෙත් රෙකමන්ඬේෂන්
ගලියක හිරවෙලා නැත කමියුනිකේෂන්
හරියට කියව් නොමැතිව තව ඩික්ටේෂන්
නීතිය නවන කාගෙද කන්සල්ටේෂන්
විනාසයේ විමසුම තුළ අඳුරු පැතී
විකාසයේ සිතුවම් විය කතා ගෙතී
ගරු රඟපෑම තවදුරටත් නොමැත ගතී
මාගේ කිතුණු දරුවනි මම නුඹට ගැතී
එක නීතියක් ගැන කිව් බයිලා නන්දේ
වක ලීයක් ලෙසින් ඇත අද මර නින්දේ
පල්ලම් බහිනු ඇත අවසානෙට කන්දේ
අපරාධයේ සුල මුල වේවිද ඡන්දේ