ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට.. මේක බොරුවක් පීබී කියයි… අරුණ පුවත්පතේ කර්තෘට සීඅයිඩීය එන්න කියයි

ඉන්දියාවෙන් මෙරටට  ගෙන්වූ දියර පොහොර  ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව භාරව සිටි United Farmers Trust LTD සමාගමට  බැංකු ගිණුමක් විවෘත කර මහජන බැංකු මූලස්ථානයෙන්  ඇමරිකානු  ඩොලර් මිලියන  1.2 ක් හෙවත්  රුපියල් කෝටි 29ක මුදලක් බැර කර  ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත්  අනාවරණය කර තිබුණි.

ඒ ඔක්තෝබර් 22 දින පැවැත්වූ  පාර්ලිමේන්තු සැසි වාරයේදීය.

ඔහු පවසා ඇත්තේ මෙම ගිණුම ආරම්භ කිරීමට ජනාධිපති ලේකම්  පී.බී ජයසුන්දර මහජන බැංකුවේ නගර ශාඛාවට  දිගින් දිගටම බැලපෑම් කර ඇති බවය.

මොහාන් ටී. පෙරේරා   හා    පි. වී .ජී.එම් වීරසිංහ    යන දෙදෙනාගේ  නම්වලින් ඒකාබද්ධ ගිණුම විවෘත කර ඇත්තේ  ඔක්තෝබර් 18 වෙනි සදුදාය. එදිනට රුපියල්  කෝටි 29ක මුදලක් බැර කර ඇති බවය.

මෙම මුදලින් නයිට්‍රජන්  පොහොර ගෙන්වීම  සදහා වියදම් කර ඇත්තේ රුපියල් කෝටි 9කි.

මෙම ගිණුම් හිමියන්ගේ ජාතික හැදුනුම්පත් පිටපත්  පවා බැංකුවට ලබා දී නොමැති බව අනාවරණය වී ඇත.

මොහාන් ටී. පෙරේරා   හා    පි. වී .ජී.එම් වීරසිංහ    යන දෙදෙනා. යහපාලන  පාලන සමයේ දී හිටපු ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන  සමඟ  බිත්‍රාන්ය සංචාරයක නිරත වූ අවස්ථාවේදී  මෙම  දෙදෙනා  පිළිබඳව දැඩි කතාබහට ලක් විය.

මෙම මුදල් සමාගමට යොමු කර ඇති අතර  ගිණුමේ ඉතිරි වී තිබුණු  ඇමරිකානු ඩොල්ර් ලක්ෂ 8ක්  මුදලක් වහාම  රුපියල් වලින් මාරු කර දෙන ලෙස  ගිණුම් හිමියන්ට බලපෑම් ද එල්ලවී ඇත.

එය ප්‍රතික්ෂේප  කිරීමෙන්  පසු ජනාධිපති කාර්යාලයේ ඉහල බලධාරියා  බැංකු  නිලධාරීන්ට බලපෑම් සිදු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා  පාර්මෙන්තුවේ අනාවරණය කර තිබුණි.

මේ පිළිබදව මහජන බැංකු සභාපති  සුජීව රාජපක්ෂගෙන්  අරුණ පුවත්පත කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ දියර පොහොර  ගෙන්වීමට අදාළ මුදල් සම්ප්‍රේෂණය කිරීමට ගිණුමක් වෙන්කර ඇති බවයි.

මහජන බැංකුව සහ මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මත එම මුදල් ලැබුණු බවත් දියර  පොහොර ලබා  ගැනීමට  අදාළ ලදුපත්  වටිනාකමට පමණක්  මුදල් ගෙවීමට  බැංකු කළමණාකරු  කටයුතු කර ඇති බවත් ඒ මහතා පවසා  ඇත.

ඩොලර්  මිලියන  1.2 මුදලක් එම ගිණුමට  බැර කර ඇකි බවත් ඉන් නිකුත් කර ඇත්තේ  ඉන්දියානු සමාගම  ලබා දුන් ඉන්වොයිස් වටිනාකමට අදාළ  ඩොලර්  ප්‍රමාණය පමණක් බව ඒ මහතා පවසා ඇත.

දියර පොහොර  ගෙන්වීමෙන් පසු  ඉතිරි මුදලින් ඇමරිකානු  ඩොලර් ලක්ෂයක මුදලක් රුපියල්  කර ලබා ගෙන දෙන ලෙස  ඉල්ලා  ඇතත්  මහජන බැංකුවේ නගර ශාඛාව එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු    පවසා  ඇත.

කෙසේ වෙතත් මෙම  ජංගම ගිණුම් මෙසේ විවෘත කිරීම සම්බන්දයෙන්  ප්‍රශ්ණයක් ඇති බවත්  බැංකු අනුමැතියෙන්  ලබා දුන් ඉතිරි මුදල් ගිණුමේ ඇති බවත් ඔහු පවසා  ඇත.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය ඔක්තෝබර් 23 දින නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ සදහන් කර ඇත්තේ අදාළ පුවත සම්පූර්ණයෙන්ම සාවද්‍ය පුවතක් බවය.

මීට අමතරව ඔක්තෝබර් 23 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකු දූරකථන ඇමතුමක් ලබා දී අරුණ පුවත්පතේ කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතා. හට දැනුම් දී ඇත්තේ අදාල ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණෙන ලෙසය.