එළවළු සියයට සියයකින් වැඩිවෙලා! 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් එළවළු මිල සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාර කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මාධ්‍ය වෙත පවසා ඇත.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියයට 70ක් පමණ බෙදා හරින බවත් ඔක්තෝබර් 21 වැනි දින සිට එක වරම එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑම පටන් ගත් බව වෙළෙන්දෝ පවසා ඇත.

ඒ අනුව පහත රට සහ කන්ද උඩරට ප්‍රදේශයවලින් ලැබෙන එළවළු වර්ග සියල්ල කිලෝ එකක තොග මිල රුපියල් දෙසිය සීමාව ඉක්මවා යමින් පවතින බව වෙළෙන්දෝ පවසා ඇත.

ඒ අන් අනුව වම්බටු, මෑ කරල්,පතෝල , කැරට් ,ලීක්ස්, මාළු මිරිස්,දඹල, ලීක්ස්, බීට්, අමුමිරිස් ආදී එළවළු වර්ග සියල්ලම රුපියල් 120 සිට 220 දක්වා වූ විවිධ මිල පරාසයන් යටතේ අලෙවි වි ඇත.