එරාවුර් තරුණයෙකුට ගැසූ නිලධාරියාගේ වැඩ තහනම්!

මඩකලපුව, එරාවුර් ප්‍රදේශයේදී තරුණයින් දෙදෙනෙකුට පහර දුන් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට මහජන ආරක්ෂාව භාර අමාත්‍ය සරත් වීරසේකර පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

වැඩතහනම් කෙරුණු එම පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසා ඇත.

මඩකළපුව එරාවූර් කලපුව පාරේ ආහාර වෙළෙඳසැලක් ඉදිරිපිට දී ඔක්තෝබර් 22 දින රථවාහන අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු තරුණයින් දෙදෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වල හුවමාරු විය.

රිය අනතුරක් සිදු වූ ස්ථානයක මැනීම් කටයුතු සිදුකළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් අධික වේගයෙන් මෙම යතුරුපැදිය ධාවනය කල බවත් එහිදී යතුරුපැදිය නවතන ලෙසට අණ කර තිබුණු බවත්  එය නොතකා යතුරුපැදිකරු මඩකලපුව එරාවූර් කළපුව පාර පටු මාවත ඔස්සේ අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කර කල බව පවසමින් මෙම පහරදීම සිදු කර තිබුණි.