පාස්කු ප්‍රහාරකයන්ට ගැලවීමක් නෑ! මහින්ද රාජපක්ෂ කියලා!

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට වගකිවයුත්තන්ට නීතියේ රැහැනින් රිංගා යාමට ආණ්ඩුව කිසිසේත්ම ඉඩ නොදෙන බව අගමැති  මහින්ද රාජපක්ෂ දිවයින පුවත්පතට පවසා ඇත.

පාස්කු ප‍්‍රහාරයට වසර දෙක හමාරක් ගෙවුණු දිනයේ දී පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ අභිලපාෂයක් රජයට නැති බවට කාදිනල් හිමිගෙන් දැඩි විවේචනයක් සිදු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත අගමැතිවරයාගෙන් කළ විමසීමේ දී අගමැතිවරයා එසේ පවසා තිබුණි.

තවද පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු ඕනෑම පුද්ගලයෙකු තරාතිරම නොබලා නීතිය ඉදිරියට පමුණුවන බවත්  ඒ පිළිබදව කිසිදු සැකයක් තබාගත යුතු නැති බවත් ඔහු පවසා ඇත.