චීනයේ සිට හානිකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙරටට රැගෙන එන ලද නෞකාව වරාය පරිශ්‍රයට ඇතුළු වීම වළක්වන ලෙස සියලු අංශවලට නියෝග කර ඇතැයි හාබර් මාස්ටර්වරයා පවසා ඇත.
ශාක නිරෝධායන සේවය කොළඹ වරාය දැනුවත් කර තිබුණේ අදාළ නෞකාව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20000ක් සමග ඔක්තෝබර් 22 දින මෙම පොහොර නෞකාව මෙරටට ළඟාවීමට නියමිතව තිබූ බව ඔහු පවසා ඇත.
අදාළ නෞකාවේ අඩංගු පොහොරවල අහිතකර බැක්ටිරියා ඇති බව ද ජාතික ශාක නිරෝධායන සේවය වරාය දැනුවත් කර ඇත.
ඒ අනුව, අදාළ නෞකාව කොළඹ වරාය සීමාවට ඇතුළු වී නොමැති බවත් නෞකාවේ පැමිණිම ගැන මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් කර නොමැති බවත් හාබර් මාස්ටර්වරයා මාධ්‍ය වෙත පවසා ඇත.
තවද අදාළ ආයතනයෙන් ලබාගත් පොහොර සාම්පලවල අර්විනියා නමැති බැක්ටිරියාව ඇති බවට අවස්තා 3 කදී තහවුරු වී තිබිණ.