ශ්‍රිලනිපයට ආපහු යන්න කියයි!

ආණ්ඩුව ඇතුළේ සිට ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවෙන් එළියට යන ලෙසත්,  ඒ වැනි අය සඳහා ආණ්ඩුවේ සැලූන් දොර නිතරම විවෘතව ඇති බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසා ඇත.

ඒ කොළඹ නෙළුම් මාවතේ පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

‘අපේ සහෝදර පක්ෂවලට අපි යන්න කියලා කියන්නේ නැහැ.රාජපක්ෂවරු ඉතිහාසය පුරාවටම කියපු කතාවක්නේ, රාපපක්ෂ ආණ්ඩු තියෙන්නේ ඕනෑ කෙනෙකුට සැලුන් දොර තියෙන්නේ ඕනෑ කෙනෙකුට ඇතුල්වෙන්නත් පුලුවන්. පිටවෙන්නත් පුලුවන් කියලා. ඒ ස්ථාවරයේ තමයි රාජපක්ෂවරු හැමදාම ඉන්නේ’ සනත් නිශාන්ත මහතා එසේ පවසා තිබුණි.

මීට අමතරව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස පවසා තිබුණි.

‘මමත් දකිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා නෙවෙයි. සමහරු යම් යම් කුමන්ත්‍රණ කරනවා. වෙනස් මතයක් තියෙනවා නම්, වෙනස් මත දරණ අය ඉන්න ඕනෑ විපක්ෂයේ. ආණ්ඩුවක ඉදගෙන ආණ්ඩු පක්ෂයේ තියෙන යම් යම් නිලතල තනතුරු තානාන්ත්‍රර අරගෙන විවේචන කරනවා නම්, මේ ගෙනියන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න කකුලෙන් අදිනවා නම්  ඒක කවුරු කෙරුවත් වැරදියි කියන එක තමයි මම නම් කියන්නේ.’