හම්බන්තොට වරාය හැදුවාට වඩා දෙගුණයක් මුදල් එන්නත්වලට ගියාලු! ඒත් භාගයක්වත් ගිහින් නැහැ! සනත් නිශාන්ත බොරු කියයි!

එන්නත්කරණයට ආණ්ඩුව ඇමරිකානු ඩොලර් මිලියන 400ක් වියදම් කරලා තියෙනවා කියලා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කියලා තියෙනවා.

ඒ වියදම හම්බන්තොට වරාය හදන්න ගිය වියදම වගේ දෙගුණයක් කියලා ඔහු කියලා තියෙන්නේ.

බත්තරමුල්ල  නෙළුම් මාවත කාර්යාලයේදී ඔක්තෝබර් 21 දින පවත්වපු මාධ්‍ය හමුවකදි ඔහු මේ ගැන කියලා තියෙන්නේ.

‘රජයක් හැටියට  ලෝකයේ කෝවිඩ් වසංගතයට  සාර්ථකව මුහුණ දුන්න රටවල් 10 තුළ පස්වැනි  ස්ථානයට අපේ  රට ඇවිත් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව එන්නත්කරණයයි’

එහෙත් 2018 ජුලි 31 දිනට හම්බන්තොට වරායේ 1 සහ 11 අදියර ඉදීකිරීමට විදේශිය ණය, දේශීය ණය, වරාය අධිකාරියේ සෘජු දායකත්වය හා චක්‍ර පිරිවැය ඇතුලූ‍ සමස්ථ වියදම්වලට ඇමෙරිකන් ඩොලර් මිලියන 1,541 ක් වැය කරලා තියෙනවා කියලා  කෝප් කමිටු වාර්තාවේ සදහන් වුණා.

ඒ කියන්නෙ කෝවිඩ් එන්නත්කරණයට හම්බන්තොට වරාය හදන්න ගිය මුදලින් භාගයක්වත් ගිහින් නැහැ.