ආණමඩුවේ ඉඩම් සිද්ධියට අත දැම්මේ මගේ අධාරකාරකරුවෙකුගේ ප්‍රශ්ණයක් නිසා!

ආණමඩුව ප්‍රදේශයේ සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ සිද්ධියකට තමා සම්බන්ධ වුයේ එම ඉඩම තම දේශපාලන අධාරකරුවෙකුට අයිති ඉඩමක්  නිසා බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ නෙළුම් මාවත කාර්යාලයේදී ඔක්තෝබර් 21 දින පැවැති සාකච්ඡාවකදීය.

මැතිවරණ කාලයේදී උදව් අරගෙන ඔවුන්ගේ ඉඩම් වෙනත් පුද්ගලයන් අල්ලා ගන්නා විට  ඔළුව  පහත් කරගෙන ඉන්න තමන් සුදානම් නැති බව ඒ මහතා පවසා ඇත.

එම ඉඩම් හිමිකරුට උත්සව ශාලාවක් ඇති බවත් එහි භාන්ඩ මැතිවරණ සමයේදී තම මැතිවරණ කටයුතු සදහා ඔහු ලබා දුන් බවත් ඒ මහතා පවසා ඇත.

 ශාන්ති නැමැති තම ආධාරකරුට අයිති එම ඉඩමට රජයේ ඉඩම් අල්ලා ගැනීම චෝදනා වට රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ප්‍රාදේහිය සභා මන්ත්‍රිවරයෙකු ඇටෝනි බලපත්‍රයක් පෙන්වා  අයිතිය කියන බවත්  එවැනි පුද්ගලයන් නැවත තම ගමේ මිනිස්සුන්ගේ ඉඩම්  අල්ලා ගැනීමේ අවස්ථාව නොදෙන බවත් ඔහු පවසා ඇත.

අගමැතිවරයාගේ නම භාවිතා කරමින් මෙවැනි දූෂිත පුද්ගලයන්  දූෂිත ක්‍රියාවල නිරතවල බවත් එවැනි දූෂිත සිද්ධි සිදු කරන පුද්ගලයන් තමන් එළවා ඇති බවත් ඔහු පවසා ඇත.

සනත් නිශාන්ත හා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් මහකුඹුක්කඩවල ප්‍රදේශයේ ඉඩමකට බලෙන් ඇතුළු වී මුරකරු පන්නා දමා ඉඩම ඩෝසර් කර ඇතැයි ඉඩමේ හිමිකරු යැයි කියන අයෙකු පොලිසියට පැමිණිලි කර තිබුණි.

අක්කර 50 කින් යුත් එම ඉඩම තමන්ට අයත් එකක් බවත් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් බලහත්කාරයෙන් කඩා වැදී එහි තිබූ බඩු බාහිර ආදිය ට්‍රැක්ටරයක පටවා මුරකරු එළවා දමා බලහත්කාරයෙන් ඇතුළු වී ඇතැයි පැමිණිල්ලේ දැක්වේ.

දස දෙනෙකුට ආසන්න පිරිසක් සමග අමාත්‍යවරයා මෙම කටයුත්තේ යෙදුනු බවත් ඩෝසරයකින් ඉඩම එළිපෙහෙළි කර ඇති බවත් පැමිණිලිකරු කියයි.

පැමිණිලිකරු සඳහන් කරන්නේ අවස්ථා ගණනාවකදීම සනත් නිශාන්ත අමාත්‍යවරයා එම ඉඩම තමන්ගේ ඉල්ලා සිටියද තමන් එය ලබාදීමට නොහැකි බව පැවසූ බවත් ය.

ඒ සෑම අවස්ථාවකම අමාත්‍යවරයා සහ තමන්ට දැනුම් දුන්නෙ ඉඩම දුන්නෙ නැති වුණාට තමන් ඉඩම ගන්නා බවත් ඔහු පැමිණිල්ලේ සදහන් කර ඇත.