ලොහාන් වෙනුවෙන් පෙනී ඉන්න බැහැ කියලා

අනුරාධපුර බන්ධනාගාරයේ රැදවියන්  අට දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළ නඩුවේදී රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සහ අනුරාධපුරයේ පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටීම නීතිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

ඔක්තෝබර් 21 දින පැවැති අදාල නඩුවේදී නීතීපති දෙපාර්තමේන්තුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් සහ අධිකරණ ඇමති වෙනුවෙන් පමණක් සිට ඇත.

අදාල නඩුව 2022 පෙබරවාරි 15 දින විභාගයට ගැනීමට නියමිතය.

ලොහාන් රත්වත්ත මහතා බන්ධනාගාර විෂය භාර අමාත්‍යධුරය දරණ අවස්ථාවේදී රාත්‍රියේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් රැඳවියන් 08 දෙනෙකු දණගස්සවා ඔවුන්ගේ හිසට ගිනිඅවියක් තබා තර්ජනය කිරීම සම්බන්ධෙයන් අදාල මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.