රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්ගේ පුතා ඉඳුරුව රෝහලේ ඩී. එම්. ඕට පහර දීලා!

ඉඳුරුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඉන්ද්‍රජිත් ප්‍රසන්න හට ක්‍රිකට් පිත්තකින් පහර දී ඔහු ගමන් ගත් ජීප් රථයට හානි කළ බව කියන රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ  පුතා අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලිසියෙන් විමර්ශණයක් ආරම්භ කර ඇත.

පහර කෑමට ලක් වූවා යැයි පවසන වෛද්‍යවරයා  ඔක්තෝබර් 20 වන දින  කොස්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර අදාල පෞද්ගලික ලේකම්වරයාගේ සහ ඔහුගේ පුතාගේ නමද එම පැමිණිල්ලේ සදහන් කර ඇත.

වෛද්‍යවරයා සහ අදාල පුද්ගලයා අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවත් ඔක්තෝබර් 17 වැනි දින තමන් ජිප් රථයෙන් ගමන් කරමින් සිටියදී  යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් 2 දෙදෙනෙකු තම ජිප් රථය නතර කර තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවත් ක්‍රිකට් පිත්තකින් තමන්ට පහර දුන් බවත් පැමිණිල්ලේ සදහන් කර ඇත.

එම පහරදීම් වලින් තමන්ගේ ජිප් රථයටද අලාභ හානි වී ඇති බවත් ඔහු සදහන් කර ඇත.

අදාල පුද්ගලයා බෙන්තර පදිංචිකරුවෙකු බවත් පැමිණිල්ලේ සදහන් කර ඇත.

ඒ අනුව කොස්ගොඩ පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇත.