ජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්නේ කොහොමද? කතිකාචාර්ය සුදර්ශණි කුමාරි දමුණුපොල

අදවන විට මෙරට කිසිදු විභේදනයකින් තොරව ජනතාව සිතන්නේ කොයි පක්ෂය බලයට ආවත් දුෂණය, වංචාව බලය හා මුදල් අයථා පාලනය නතර කිරිමට ප්‍රධාන දේශපාලන ධාරා දෙකේ කිසිදු පාලකයෙකු උත්සුක නොවන බවයි.ඒ අනුව මෙකි මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරිමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අත්‍යවශ්‍යයභාවය පිළිබද කතිකාවත් ඇතිව තිබේ. ලංකාවේ පවතින දේශපාලන සංස්කෘතිය තුළ බිහි කරගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ රාජ්‍ය නායකයාට සේම මැති ඇමතිවරුන්ට ද ලැබී තිබෙන බලය මත වැරදි කිරීමට තිබෙන හැකියාව සීමා කරන විධි විධාන තිබිය යුතු වේ. නීති ක්‍රියාත්මක කරවන ආයතන ඒ වගකීම හොඳින් ඉටු කරන තත්ත්වයක් නැති නිසාම ඒ වගකීම අනියම් ලෙසකින් මහජනයාට ලබා දෙන විධිවිධාන ඇති කළ හැකි ය. නිදර්ශනයක් වශයෙන් බලවත් ලෙස වැරදි කරන් ඉහළ නිල බලයක් ඇති පුද්ගලයකුට එරෙහිව මහජනයාට දෝෂාභියෝගයක් හෝ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉඩ ලබාදෙන විධිවිධාන ඇති කළ යුතු ය.

 තවද තිබෙන ව්‍යවස්ථා සභා ක්‍රමය ද අර්ථවත් හා විධිමත් කරන විධි විධාන ඇති කළ යුතු වේ. එම සභාව විසින් ස්වාධීන කොමිෂන් සභාවලට හෝ වෙනත් ආයතනවලට පත් කරනු ලබන නිලධාරීන්ට එරෙහිව ඉදිරිපත් වන පැමිණිලි විභාග කිරීමේ බලය එම කොමිෂන් සභාවට දිය හැකි ය. එමගින් ව්‍යවස්ථා සභාව විසින් පත් කරන නිලධාරීන් ව්‍යවස්ථා සභාවේ සෝදිසියට ලක් වන තත්ත්වයක් ඇති කළ හැකි ය. ව්‍යවස්ථා සභාව විසින් කරනු ලබන පරීක්ෂණයකින් චූදිත පුද්ගලයෙකු වරදකරු කරනු ලබන අවස්ථාවලදී එම පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු ක්‍රමයක් ඇති කළ හැකි ය. එවිට පරීක්ෂණ වාර්තාව සභාගත කොට ඔහු පිළිබඳව අවසාන තීරණය ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරිය හැකි ය. නූතන අර්ථයෙන් හොඳ ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ මහජනයාගේ පරමාධිපත්‍ය බලය උපරිම මට්ටමකින් මහජනයාට අභ්‍යාස කිරීමට පුළුල් අවස්ථාවක් ලබාදෙන ව්‍යවස්ථාවකට පමණි.

විශේෂයෙන්ම රාජ්‍ය තුළ ජීවත් වන පොදු මහත් ජනතාවගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට නම් ඔවුන් වෙත නීති බලාත්මක කිරීමේ කාර්යය කරනු ලබන පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් මෙන්ම විධායක සහ විධායකයා ද  මුළුමනින් ම පාහේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් විය යුතු අතර මුළුමනින්ම පාහේ වගකීම වගවීම යන මූලික සිද්ධාන්ත යටතේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයක් තුළින් තම පැවැත්ම සුරක්ෂිත කර ගැනීම වෙනුවට පොදු මහත් ජනතාවගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට අදාළ නීති සංශෝධනය කළ යුතු ය. එමගින් තව දුරටත් හුදෙක් තමන් නියෝජනය කරනු ලබන ප්‍රමුඛතම හෝ සුළුතර ජාතියේ පැවැත්ම පමණක් සුරක්ෂිත කිරීම අභිභවා ගොස් සමස්ත සියලු ජනතාවගේ නැතහොත් (ජදපපදබ ටදදා) පොදු යහපැවැත්ම සුරක්ෂිත කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදයේ නවීන මූලිකාංගයක් වෙත සංක්‍රමණය වීමේ දැඩි අවශ්‍යතාවයක් මෙරටට පවතී.

බලය ලබා ගැනීමේ අරමුණ වෙත පමණක් නාභිගත වෙමින් පක්ෂ සිය ප්‍රතිපත්ති සම්පාදනය සීමා වීම තුළ සිදු වී ඇත්තේ ජනතාවගේ අභිලාෂ හා අවශ්‍යතා නියෝජනය නිසියාකාරව සංජානනය නොවීමයි. මෙකී වාස්තවික සංසිද්ධි වෙත දේශපාලන පක්ෂ තමන්ගේ ගමන් මාර්ග, දිශානතීන් නිර්ණය කර ගැනීම සම්බන්ධ බහුසංයෝජකයන්ගේ සංරක්ෂණයන් මගින් ඇති කෙරෙන බලපෑමේ ආලෝලනයේ ශක්‍යප්‍රතිචාරයන්ගේ අවශෝෂණගත බලපෑම් මගින් සිදුවන්නකි. මෙකී ආලෝලනයන්ගේ නිශ්චායකයන් මගින් නිර්ණය කෙරෙන දෘශ්‍යමාන ඉන්ද්‍රීය ප්‍රත්‍යක්ෂ මූලයන්ගේ ගතික විචල්‍යන් වෙතින් සූත්‍රගත කෙරෙන භාවිතයන්ගේ පැවැත්ම විවිධ සංරෝධකයන් සමඟ අනුබද්ධව පැවැතීම තුළ එකිනෙක ඉරණම් සංරෝධකයන්ගේ අවියෝජනීය බද්ධභාවයේ අන්වේශණ සංවේදී මූලයන් මගින් විචක්ෂණත්වය ලබන ආරෝපණයන්ගේ බලපැවැත්ම බහුවිධ සාධක හා බහුවිධ සංසිද්ධීන් සමඟ ස්වභාවිකව අභිප්‍රේරණය වන්නකි.

විශේෂයෙන්ම මෙරට දේශපාලන ප්‍රවාහය තුළ තිස් අවුරුදු යුද්ධයකට මග පෑදූ මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය මගින් තම යුතුකම් හා වගකීම් නිසියාකාරව ඉටු නොකරමින් පක්ෂ නායකයාගේ ආධිපත්‍යට යටත් වෙමින් පොදු මහත් පක්ෂ සාමාජිකයන්ගේ පැවැත්ම සහ එමගින් නිර්ණය කරන ලද අභිලාෂ සහ අවශ්‍යතා වෙනුවට තෝරා ගත් පටු දේශපාලන අරමුණු ඔස්සේ ගමන් කරන දේශපාලන පක්ෂවල පැවැත්ම අහෝසි කිරීමට නම් දේශපාලන පක්ෂවල ව්‍යවස්ථාවේ සිට දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වන මැතිවරණ ක්‍රමය දක්වා මෙහි තීරණාත්මක වෙනසක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වන්නකි.

යුරෝ කේන්ද්‍රීය සන්ධර්භගත, ව්‍යුහගත සංරෝධකයන්ගේ අනුබද්ධ පැවැත්මේ වපසරිය මගින් නිර්ණය කෙරෙන කාලීන හා අවස්ථානුකූල පුද්ගල පැවැත්ම තහවුරු කරලීමේ මනෝබද්ධ හා විෂයබද්ධ යන ද්විත්ව සංයෝගයන්ගේම සචලීකරණයන් මගින් ආයෝජනය කෙරෙනු ලැබූ පරමාර්ථයන්හි ආයතනිකෘත කල්පිතයන් වෙත බද්ධවීමේ ප්‍රකාශිත රූපකාර්ථය වශයෙන් ධනපති පංතික අභිලාෂ හා අවශ්‍යතා සාධනයේ ප්‍රමුඛ අරමුණමත පිහිටා ප්‍රජාතන්ත්‍රවාදය උත්පත්තිය සිදු වීම දැකිය හැකි ය. මෙකී සංසිද්ධිය කාලීන හා අවස්ථානුකූල පර්යාවලෝකනයන් වෙතින් හික්මවනු ලබන කල්පිතයන් සමඟ සහසංයෝජනය වෙමින් දේශපාලන පක්ෂයන් වෙත කතෘකාරකය ආරෝපනය කරලීමත් දැකිය හැකි ය. 

මෙහිදී යුරෝ කේන්ද්‍රීය ප්‍රජාතන්ත්‍රවාදයේ නිෂ්ඨාවන් සෘජුව ජාතික රාජ්‍ය දේශපාලන ආකෘතියේ පැවැත්ම පුනර්නිෂ්පාදනය කරලීමේ ඒකීය අනන්‍යතාවයන් ලෙස අභිප්‍රේරණය ලැබීමේ යාවජීව විචක්ෂණත්වයන්හි ප්‍රතිපාදන ප්‍රත්‍යක්ෂ වීම දැකිය හැකි ය. මෙහි දී මෙකී ඒකීය නෛතික ආකෘතිගත සංගතීන් තුළ සෘජු ලෙසම බහුතර ජාතීන්ගේ ශක්‍යතාවය තහවුරු කරලීම සම්බන්ධ ව නාභිගත වන අතර එහි දී ඒකීය ආකෘතිය වෙත සංචලනය නොවූ සුළුතර වාර්ගික පිරිස්හි අභිලාෂ හා අවශ්‍යතා පුනර්නිෂ්පාදනය කරලීම සම්බන්ධ සහසිද්ධික ප්‍රස්තුතයන් මගින් ඇතිකරනු ලබන විඝඨන දෙවන සියවස වන විට හඳුනා ගත හැකි ය. මෙහි දී වඩාත් හොඳින් ප්‍රත්‍යක්‍ෂවන කරුණ වන්නේ කාලීන හා අවස්ථානුකූල සම්මිශ්‍රණයන්ගේ සුජාත පරමාදර්ශය මගින් පූර්වනිර්ණය කෙරෙන සාධකයන් වෙත බද්ධවීමේ හැකියාව ලැබුණේ එක්තරා කොටසකට පමණක් බව යි.   

තිස් වසරක යුද්ධය මගින් ඇති කරන ලද බලපෑම සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වපසරියන් අතික්‍රමණය කරමින් මෙරට ජීවත්වන සියලු පවුල් සංස්ථාවන් කෙරෙහි සෘජු ව ම බලපා ඇති බව අපට පෙනේ. විශේෂයෙන්ම එහි දී සෘජු ව හෝ වක්‍ර ව යුද්ධයට සහභාගී නොවුණ ද යුද්ධයෙන් බැට කෑ අතිමූලික ප්‍රතිඵල විඳීමේ හා විඳවීමේ හැකියාව තව දුරටත් සිංහල ජන සමාජයේ පවුල් සංස්ථාවට පමණක් නොව ඒ හා සමගාමීව දෙමළ ජන සමාජයේ පවුල් සංස්ථාව වෙතට ආරෝපණය වී ඇති බව කිව යුතු  ය. 

ඒ අනුව මෙලෙස ආරෝපණය වී පවතින යුද්ධයේ අතිමූලික මතකයන් සහමුලින් අමතක කිරීමට නම් ඉහත අප අවධානයට යොමු කරන ලද රාජ්‍ය ආකෘතිය, ආණ්ඩුකරණ ක්‍රියාවලිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැනි ඉහළ තලයේ නො එසේ නම් සාර්ව තලයේ යෝජනා ක්‍රියාත්මක කිරීමට මත්තෙන් එම යෝජනාවල මූලික අභ්‍යුපගමනයන් මුළුමනින්ම පාහේ සෘජු ව සමපාත කළ යුත්තේ මෙරට කිසිදු විභේදනයකින් තොරව සියලු පවුල් සංස්ථාවන් වෙත ය. ඒ අනුව මෙම සංසිද්ධියේ දී කුටුම්බයක් තුළ සමාජානුයෝජනය වී අනාගත පරම්පරාවට උරුම කර දීමට උත්සාහ දරන සංස්කෘතික නිශ්චායකයන් අභිභවමින් එකිනෙකා අතර දැන හැඳුනුම්කම්, එකිනෙකා අතර පවතින නොරිස්සුම් ගතිය, ඉවසීම වැනි සත්ගුණවත් සද්භාවයෙන් යුතුව එකිනෙකා අතර කෙතරම් අසමානතා පැවතිය ද සද්භාවයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව එම පවුල් සංස්ථාවන් වෙත ආරෝපණය කිරීමට උත්සාහ කළ යුතු ය. එය හුදෙක් තනි පුද්ගල ක්‍රියාවලියක් නොවන අතර එය කුටුම්භයට පමණක් ආවේණික නොවන ක්‍රියාවලියක් ද නොවන අතර ඒ හා සමගාමීව පවුල් වෙත මෙවැනි සමාජානුයෝජන සිද්ධාන්තයන් සමීප කර වීමට ආගම වෙත ඍජු බලපෑමක් කළ හැකි වේ. විශේෂයෙන් ම මෙරට බහුතරය වූ  සිංහල ප්‍රජාව වෙත සමීප වී ඇති බෞද්ධ ආගම මෙන් ම ක්‍රිස්තියානි ආගම මගින් ද ආගමික සංස්ථාවල මූලික නායකයන් විසින් මෙම කාර්යය මනාව සිදු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් වේ. 

මෙහි දී හුදෙක් ඒ ඒ දින සැමරීම හා පමණක් ආගමික න්‍යාය පත්‍රයට තුළට ඇතුළත් කර ගැනීම වෙනුවට ආගමික ඥානය තුළින් පවුල්වලට පරිඥානය කළ හැකි සැබෑ සංහිඳියාවේ ප්‍රතිමූර්තයන් ඔවුන් වෙත ගමන් කරවීමට අවශ්‍ය සියලු මූලික අඩිතාලම දැමීමේ ප්‍රමුඛ වගකීමක් මෙම ආගමික සංස්ථාවල නායකයන්ට පැවරී ඇත. ඒ අනුව ඉරිදා දහම් පාසල ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගම යන කොටස් දෙකටම ළමයින් සමාජානුයෝජනය කිරීමේ ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කිරීමෙන් උපරිම හැකියාවක් පවතින අතර ඒ සඳහා රාජ්‍ය මැදිහත් වීම ද අවශ්‍ය නම් එය ක්‍රමානුකූලව ලබා දීමට රාජ්‍ය ප්‍රතිපත්ති නිර්මාපකයන් මෙන්ම ප්‍රතිපත්ති ඇගයුම් විශ්ලේෂකයන් ද  එකී කාර්යය මනාව ඉටු කිරීම අත්‍යවශ්‍ය වේ.

එපමණක් නොව මෙම සමාජානුයෝජන කාරණා මගින් පවුල හා ආගම ඒකාබද්ධව සිදු කරන සංහිඳියාවේ මූලික ප්‍රතීයමානන් සමස්ත සමාජය වෙත දායාද කිරීමට සිවිල් සමාජයේ ප්‍රමුඛ ඒජන්තවරුන් වන සිවිල් සමාජය විසින් හඳුනා ගෙන ඇති ඓන්ද්‍රීය බුද්ධිමතුන් මෙන්ම ඒ ඒ කාලවල ජනප්‍රිය වන කිසිදු විභේදනයකින් තොරව කලාකරුවන්, ආගම නායකයින්, ක්‍රීඩකයින් වැනි හුදු ජනප්‍රිය පුද්ගලයින්ගෙන් එවැනි කාර්යයන් වෙත ලබාගත යුතු දායකත්වය මෙන්ම එම චරිත සමස්ත සමාජයටම ආදර්ශකයක් සැපයීමට උත්සාහ කිරීම තුළින් මෙවැනි සංහිඳියාවේ මූලික ප්‍රතීයමානයන් සමස්ත සමාජයේ වෙත අවලෝකනය කිරීමේ හැකියාව පවතී.   

විශේෂයෙන් ම මෙහි දී  කිව යුත්තේ යුද්ධය ආරම්භ වූ දා සිට මෙරට බිහි වූ බහුවිධ අභිලාෂ රැගත් අවසානයේ පොදු අරමුණ සංහිඳියාව නැමැති ලේබල්කරණය තුළ බිහි වී ඇති බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල මූලික ඉලක්කය වී තිබෙන්නේ හුදෙක් ඩොලර්වලින් තම ආයතනය තව දුරටත් පවත්වා ගෙන යාම වන අතර එය වෙනුවට ඔවුන් කළ යුතු වන්නේ මෙම රාජ්‍යයෙහි හුදෙක් දෙමළ ප්‍රජාවගේ ප්‍රශ්නය පමණක් අසා ඊට පිළිතුරු ලබා දී ඇගයීමක් සිදු කරනවා වෙනුවට සිංහල දෙමළ යන මූලික සමාජ ප්‍රජාවන් ද්විත්වය ම සමමිතික කෝණයක පිහිටා අසමමිතික වූ ඔවුනගේ අභිලාෂ සහ අවශ්‍යතා මධ්‍යස්ථ රේඛාවක් මතට ගැනීමේ දී මැදිහත්කරුවෙකු වශයෙන් අපක්ෂපාතී බේරුම්කරුවෙකුගේ කාර්යය සිදු කිරීම යි. එය එලෙස නො වන තාක්කල් ඔවුන්ගෙන් ඉටු විය යුතු යුතුකම් මත මෙම ප්‍රශ්නය විසඳනවා වෙනුවට තව දුරටත් මෙම ප්‍රශ්නය විසඳීමට ඇති අවස්ථාවන් මගහරවා ගනිමින් මුදල මත සංකෝචනය වන සමාජ පැවැත්මේ යථාර්ථය සමස්ත සමාජයට යාවජීව කිරීමට ඇති අවස්ථාව ඔවුන් විසින් මග හරවා ගත යුතු නො වේ.

එපමණක් නොව මෙම සංවිධාන සමඟ සෘජුවම සමපාත වන දෙමළ ජනතාවගේ පැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගොඩනැගෙන දෙමළ ඩයස්පෝරාවට සෘජු ව සමපාත වන ගෝලීය සංවිධානත් ඒ හා සමගාමීව සිංහල ඩයස්පොරාවේ සිංහල ජනතාවගේ මූලික අභ්‍යුපගමනයන් සමග සෘජු ව සමපාත වන සිංහල ගෝලීය සංවිධානත් කළ යුතු වන්නේ පැති දෙකක සිටිමින් මෙම ප්‍රශ්නය විසදා ගැනීමට තිබෙන උපරිම අවස්ථාව රික්තකයක් බවට පත් නොකර ගනිමින් ඔවුනට පවතින අවස්ථාවන් සිය න්‍යාය පත්‍රයන් තුළට පමණක් හා විශ්ලේෂණ මාධ්‍ය හරහා දක්වන මාධ්‍ය සංදර්ශන තුළින් ඔබ්බට ගොස් සැබෑ ප්‍රශ්නය මනාව අවබෝධ කර ගනිමින් පාර්ශව දෙකම එක ම හරයක් යටතේ පිහිටවා ඊට අදාළ විසඳුම් සෙවීමට සමග්‍රාහී වීමයි. එමෙන්ම අපක්ෂපාතී ජන මාධ්‍යයක් වශයෙන් තම ජන මාධ්‍යයේ පැවැත්ම හුදු වාර්ගික භේදය මුලින් උපුටා දමමින් පැවැත්ම සුරක්ෂිත කරනවා වෙනුවට වාර්ගික අර්බුද මුළුමනින් ම පාහේ සමස්ත සමාජය තුළ වපුරමින් එමගින් ඔවුනගේ ප්‍රේක්ෂක නැරඹුම් ප්‍රමාණය වැඩි කර ගැනීමේ හුදු තරඟයක නොයැලමින් සද්භාවයෙන් යුතුව තම මාධ්‍ය මඟින් රාජ්‍යයේ සමස්ත ජනතාවට කිසිදු විභේදනයකින් තොරව ඉටු විය යුතු යුතුකම් හා වගකීම් මනාව හඳුනා ගනිමින් ඒවා වෙනුවෙන් බලපෑම් සහගත කාර්යයක් ඉටු කරලීම මෙහි දී වැදගත් වේ. 

එමෙන් ම මේ සියලු සංඝටකයන් වන ආගම, පවුල, රාජ්‍ය නොවන සංවිධාන, ගෝලීය සංවිධාන, දේශපාලන පක්ෂ  හා ජනමාධ්‍ය ආදී සියල්ල රාජ්‍යයේ ස්වාධිපතිගේ ආඥාවන්ට පහළින් පිහිටවනු ලබන මූලික සංරචකයන් කිහිපයක් පමණි. මෙම සංරචකයන්ගේ මූලික පැවැත්මෙහි පරායත්තතාවය සිදු වන්නේ එම සංරචක රාජ්‍යයේ බල පැවැත්ම සුරක්ෂිත කරන රාජ්‍ය ප්‍රතිපත්ති, රාජ්‍ය ආකෘතීන්ට ද පවතින සබඳතාවය වන හෙයින් රාජ්‍ය ප්‍රතිපත්ති තුළින් මුළුමනින් ම පාහේ මේ සියල්ලකගේ ම සෘජු ව වෙන් වෙන් වශයෙන් හිමි වී ඇති යුතුකම් හා වගකීම් මනාව ඉටු කරවා ගැනීමට රාජ්‍ය ප්‍රතිපත්ති විෂය පථය තුළ මේ සියලු අංශ නියාමනය කරමින් හුදු ජනවාර්ගිකත්වය, ජාතිකවාදය මත පදනම් වෙමින් ඩයස්පෝරාවන් විසින් එකිනෙකා පරයා ප්‍රතිබද්ධව ගොඩනැගෙන මූලික සමාජ පසුතලයන් ආක්‍රමණය කරමින් නැවත යුද්ධයකට යෑමට ඇති අවස්ථාවන් මගහරවා ගැනීමේ අතිමූලිකතම වැදගත් කාර්යය භාර්යයක් රජ්‍ය ප්‍රතිපත්ති වෙත හිමි වී ඇත. 

මේ අනුව සාකච්ඡා කර බලන විට පැහැදිලි වන්නේ අද වන විට මවු බිමෙන් බැහැර ව සිටින තරුණ පරම්පරාව මෙන් ම සිවිල් සමාජයේ සිටින ඓන්ද්‍රීය බුද්ධිමතුන්, යුද්ධයට ඍජුව සම්බන්ධ වූ යුද නායකයින් පවා මෙම සිංහල ජාතියේ පැවැත්ම සුරක්ෂිත කිරීමේ ක්‍රියාවලිය තුළ ඩයස්පෝරාව වටා ඒකරාශී වෙමින් දෙමළ ජනතාවගේ අභිලාෂ සහ අවශ්‍යතා සමස්ත සමාජයට ප්‍රකෘතිමත් කරන දෙමළ ඩයස්පෝරාවේ පැවැත්ම අස්ථාවර කර ගැනීමේ ප්‍රමුඛ අරගලයක නියැළී සිටින බව යි. එම තරඟය තුළ අවසානයේ සිදු විය හැක්කේ තිස් අවුරුදු යුද්ධය මගින් සිංහල ජනතාව විඳින ලද යුද ජයග්‍රහණය නැවත යුද්ධයක් වෙත අවතීර්ණ කිරීමට තරම් මෙම ඩයස්පොරවන් පාර්ශව දෙකෙහි ම එකිනෙකට පරයා නැගෙන ප්‍රතිබද්ධ අභිලාෂ සංරෝධකයන් හුදු බල අරගලයක් බවට පත් වී නැවත යුද්ධයේ අනාගත සේයාවක් දැකීමේ මූලික කැඩපතක් ලෙස අපට හඳුනා ගත හැකි ය. එබැවින් එකී කැඩපතින් අප සමස්ත සමාජයට, පුරවැසියන්ට, පවුල් වෙත හා සමාජයන් වෙත සහ බහුවිධ ආගම් වෙත අවලෝකනය කිරීමට උත්සාහ කරන සද්ගුණවත්භාවයේ විරුද්ධ පැතිකඩයන් වන නොරිස්සුම් ගතිය වැනි දේවල් ඇති නොකර ගනිමින් සමස්ත සමාජයම යුද්ධයක් කරා යන මාවත සෘජුව  විනිර්මුක්ත කිරීමේ වගකීම ඒ ඒ අංශවල මනාව ඉටු කරවා ගැනීමෙන් වළක්වා ගත හැකි බවයි.