පාසල් ළමුන්ට රෝහිතගේ රුව ඇති බෑග්! 

කළුතර රාජගුරු ශ්‍රී විභුති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ  සිසුන්ට වරයා හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ රුව ඇතුළත් පාසල් බෑග් බෙදා දී ඇත.

අදාල තිලිණ පාසල් ළමුන්ට ලබා දුන්නේ රෝහිත අබේගුණවර්ධන පදනමෙන් ක්‍රියාත්මක කෙරෙන ‘සිසු දරු යාත්‍රා’ ව්‍යාපෘතිය යටතේ බවත් ඒ මහතා තම මුහුණු පොතේ සටහනක් තබා ඇත.

අදාල සටහන පහළින්

සිසුන් 200 ට අඩු කලුතර දිස්ත්‍රික්කයේ පාසල් සාර්ථකව ආරම්භ කෙරිණ.

කොවිඩ් වසංගතය හමුවේ නිවසට සීමාවී අධ්‍යාපනය අඩාල වූ දරුවන් නැවත නිසි ලෙස අධ්‍යාපනය ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අද (21) දිවයින පුරා සිසුන් 200ට අඩු පාසල් විවෘත කෙරිණ.

ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ ද එවැනි පාසල් විවෘත කිරීම සාර්ථක වූ අතර විදුහල්පතිවරු,ගුරුවරු සහ දරුවන් ඉතා උනන්දුවකින් පාසල් වෙත පැමිණියහ.

වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විද්‍යාලය ඉගැන්වීම් කටයුතු ආරම්භ කල මොහොතට එක්වුනෙමි.දරුවන් ගේ සහභාගිත්වය ඉතා යහපත් වූ අතර ගුරුවරුන්ගේ සහභාගිත්වය 100% සාර්ථකව සිදුවිණ.

අද ආරම්භ කල පසල් වල දරුවන් වෙනුවෙන් රෝහිත අබේගුණවර්ධන පදනම ක්‍රියාත්මක කරන “සිසු දරු යාත්‍රා” ව්‍යාපෘතිය යටතේ පාසල් උපකරණ බෙදා දීමක් ද සිදුකෙරිණ.

දරුවන් වෙනුවෙන් කැපවීමෙන් සේවය කිරීමට අද දින ඉතා උද්‍යෝගයකින් පැමිණි ගුරු මව්පිය වරුන්ට මාගේ ගෞරව ප්‍රණාමය පුද කරමි.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී රෝහණ අබේගුණවර්ධන මැතිතුමා,විද්‍යාලයේ විදුහල්පති අජන්ති ඩයස් මහත්මිය,කලුතර ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව ආරියරත්න මැතිතුමා,ප්‍රාදේශීය සභා මන්ත්‍රී මනෝජ් සිල්වා මැතිතුමා,ගුරුවරුන්,දරුවන්,දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.