ගෝඨාභය අතෑරලා, මහින්දට රට ගන්නලු! මහින්දට පණ දෙන්න, ආනන්ද හිමිගෙන් කතාවක්!

‘මහින්ද මහත්තයෝ රාජපක්ෂ පරම්පරාව තවදුරටත් රැකගන්න ඕනෑ නම් දැන්වත් නිහඬ පිළිවෙතින් මිදිලා දිනෙන් දින පරිහානියට යන මේ රට භාරගන්න, රටට අවශ්‍ය කයිවාරුකාරයන් නොව ඔබ වැනි වැඩකාරයන්.’ කියලා රට රකින ජන හඬ සංවිධානයේ කැඳවුම්කරු නාරාහේන්පිට අභයාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් 20 වැනිදා අභයාරාමයේ තිබුණ මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණා.

හැට නව ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ කෙරෙහි තිබුණ විශ්වාසය නිසා විතරක් කියලාත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා තිබුණා.

මහින්ද රාජපක්ෂ ආපහු රට බාරගැනීම ගැන ගෝඨාභය රාජපක්ෂ කිසිම විරෝධයක් දක්වන එකක් නෑ කියලාත්, මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන් කීවාලු. එහෙම විරුද්ධ වෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ රටට ආදරේ නෑ කියලයි හාමුදුරුවන් වැඩිදුරටත් කියා තිබුණේ.

ලංකාවට විශාල සේවයක් කරපු ඩී.එස්. සේනානායක පරම්පරාවත්, බණ්ඩාරනායක පරම්පරාවත් දැන් ඉවර වෙලාලු. රට අගාධයකට ඇද දැම්මොත් රාජපක්ෂ පරම්පරාවේත් අවසානය මේක වේවිලු. ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසය සීයට සීයකින් නෙවෙයි, සීයට දෙසීයකින් වැටිලා කියලා ගෝඨාභය රාජපක්ෂ කීවාලු.

මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් නැවත කියා තිබුණේ රටේ හදවතේ නායකයා මහින්ද කියලා. දිගින් දිගටම මහින්දගේ නිහඬතාවය නිසා ජනතාවගේ අප්‍රසාදයට මහින්ද රාජපක්ෂත් පත් වෙලාලු.