මහමෝදර මාතෘ රෝහලේ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා ජර්මනියෙන් ලබා දෙන ලද ණය මුදලකට අනුව කටයුතු නොකරපු හින්දා, අකාර්යක්ෂමතාව හේතුවෙන් රුපියල් කෝටි පහකට අධික මුදලක් ආපසු ගෙවීමට සිද්ධ වුණා කියලා මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග මත අරුණ පුවත්පත වාර්තා කරලා.
මේක අම්මලා වෙනුවෙන් ණය ගත්ත ව්‍යාපෘතියක්. මේක අහිමි කරගැනීම විතරක් නෙවෙයි, රටේ මුදල් පවා පාඩු කරගැනීම මොන තරම් කාලකණ්ණිකමක්ද?
ගෙවන්න තියෙන මුදල යුරෝ 210,962 ක්. ව්‍යාපෘතිය 2012 අවුරුද්දේ ආරම්භ කරපු එකක්. ජර්මනියේ කේ.එෆ්.ඩබ්ලිව්. බැංකුව යුරෝ මිලියන 28ක ණය මුදලකට ගිවිසුමක් පවා අත්සන් කරලයි තියෙන්නේ. ව්‍යාපෘතියේ පිරිවැය ඉක්මවා යන හින්දා යුරෝ මිලියන 12ක පරිපූරක ණය ගිවිසුමකුත් 2017 අවුරුද්දේ අත්සන් කරලා. ඒ කියන්නේ ඔක්කොම යුරෝ මිලියන 40ක්.
මේක කල්යන්න හේතුව මොකක්ද? අකාර්යක්ෂමතාව. ණය ගත්තාටත් පස්සේ වැඩේ කරගන්න බලධාරීන් අසමත් වූ හින්දා තමයි මේ පාඩුව සිද්ධවෙලා තියෙන්නේ. ඉතින් ඒකයි අපි විමසුවේ. මොන තරම් කාලකණ්ණිකමක්ද?
ලංකාව ලෝක ණය ශ්‍රේණිගත කිරීම්වල හෙවත් රේටින්වල පහළට වැටිලා තියෙන හින්දා මේ ණය උපයෝජනය ආරම්භ කරන්න බැරි බවත් ජර්මනියේ බැංකුව ලංකාවේ ආණ්ඩුවට දැනුම් දීලා. ඒ කියන්නේ දැන් පවතින ආර්ථික අර්බුදයත් මේ කාලකණ්ණි සිදුවීමට තවත් එක් හේතුවක් වෙලා.
මේකෙනුත් පස්සේ ණය ගිවිසුම අවලංගු කරලා, අපි කලින් කී යුරෝ මිලියන 12ක දෙවැනි ගිවිසුමේ සඳහන් මුදල ප්‍රදානයක් බවට පරිවර්තනය කරන්න ජර්මන් රජය යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ ණයක් නොවන තෑග්ගක්. මිලියන 12ක යුරෝ ණය ප්‍රදානයක් බවට පරිවර්තනය වෙද්දී තවත් මිලියනයක් වැඩි වෙලා, යුරෝ මිලින 13ක් බවට පත් වෙලා. ඒකට මුදල් අමාත්‍යාංශයත් එකඟ වෙලාලු.