රටේ ව්‍යවස්ථාව හදන්න යන්නේ ජනාධිපතිගේ නඩුවලට පෙනී හිටපු නිතිඥයෝ! මේක විහිළුක් වෙලා! – කිරිඇල්ල කියයි

ජනාධිපතිගේ පෞද්ගලික නීතිඥ මහත්වරුන් රටට නව ව්‍යවස්ථාවක් හදන බව ආරංචි වූ බවත්  එම කටයුතු සිදු කරන්නේ  ජනාධිපතිවරයාගේ පෞද්ගලික නඩුවලට පෙනී සිටි නීතීඥවරුන් බවත්, එය මහ විහිළුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ මහතා මේ බව පවසා සිටියේ ඔක්තෝබර් 21 දිනය.

අදාල ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට දමා සියලු දෙනාගේ අදහස් විමසන්නැයි ඉල්ලා සිටින බව ඒ මහතා ඉල්ලා තිබුණි.

මෙම ව්‍යවස්ථාව සෑදීමේ කටයුතුවලට ජනාධිපතිවරයා  ආණ්ඩුවේ අයගෙන් වත් උපදෙස් ගන්නේ නැති බවත් ව්‍යවස්ථාව සෑදීමේ කටයුතුවලට සිදුවන්නේ කුමක් දැයි මන්ත්‍රීවරුන් පවා නොදන්නා බව විහිළු සහගත බවත් ඒ මහතා පවසා තිබුණි.

තවද රටේ නීතියේ උත්තරීතර බව දිනෙන් දින අඩු වන බවට ජාත්‍යන්තර මතයක් ඇතිවී තිබෙන්නේ යැයිද යුරෝපා සංගමයේ නියෝජිත හමුවක දී ඔවුන් ද ඒ සම්බන්ධයෙන් තමාට  කරුණු කී බවත් ඒ මහතා පවසා තිබුණි.

“ඒ නිසා මේ සිදුවන දේ වල වගකීම බාරගත යුත්තේ ජනාධිපතිවරයා යි.නව ව්‍යවස්ථාවක් හදන විට ස්වාධීන කොමිෂන් වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න.ස්වාධීන කොමිෂන් වලට නිදහස දුන්නේ නැතිනම් ජාත්‍යන්තරයේ ප්‍රසාදය ලැබෙන්නේ නැහැ.තමා අසාර්ථක වී ඇති බව ජනාධිපති ම කියනවා .ඒකට හේතුව එතුමාමයි. එතුමා කිසිම කෙනෙක් එක්ක සංවාදයක් නැහැ. තනිව වැඩ කරලා ඔහු අමාරුවේ වැටිලා.දැන් ව්‍යවස්ථා හදන්නේ  ජනාධිපති ගේ නඩුවලට පෙනී සිටි අයයි .මෙය විහිළුවක්”