ඇතැම් ගුරුවරුන් 21 සහ 22 දිනවල පාසල් නොපැමිණියත් පාසල් නිසි පරිදි පවත්වාගෙන යෑමට සැලැස්මක් ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ලංකාදීපයට පවසා ඇත.
කෙසේ වෙතත් ගුරුවරුන් ලබන 25 වෙනිදා පාසල්වලට අනිවාර්යයෙන්ම පැමිණෙනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ අධ්‍යාපන ලේකම්වරයා යල්වෙල හිමියන්, ජෝශප් ස්ටාලින්,මහින්ද ජයසිංහ යන වෘත්තීය සමිති නායකයන් ගැන තමාට විශ්වාසයක් ඇති බවත් ඒ මහතා පවසා ඇත.
අමාත්‍යංශය ගුරුවරුන් සමග ආදරණීයව සහ සුහදශීලීව ගනුදෙනු කිරීමට සූදානම් බවත් ඒ මහතා පවසා ඇත.
රාජකාරියට නොපැමිණෙන ගුරුවරුන්ගෙ නොවැම්බර් මස වැටුප නතර කරන බවට වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරන්නේ තමා ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඒ ගැන අදහසක් පළ කරන බවය.
තමා ඒ ගැන කොල්ලුරේ මහතාගෙන්ද විමසන බවත් ඒ මහතා පවසා ඇත.