ඒලියන්ත වයිට්ගේ දියණියට සහ පුතාට පොලිස් ආරක්ෂාවක්

ඒලියන්ත වයිට් මහතාගේ දියණියගේ සහ පුතාගේ  ආරක්ෂාව සදහා  පොලිස් නිලධාරීන් 21 ක් ලබා දී ඇති බව සමගි ජන බලවේග මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක පවසා ඇත.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඔක්තෝබර් 18 දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

 අදාල පොලිස් නිලධාරීන් අතර කාන්තා පොලිස් නිලධාරීනියන් 4ක් වන බව ඒ මහතා පවසා ඇත.

එම පොලිස් නිලධාරීන් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා අදාල පුද්ගලයන්ගේ ආරක්ෂාව සදහා ලබා දී ඇති බවත් ඒ මහතා පවසා ඇත.

‘ඒලියන්ත වයිට් මියගියා, ඒලියන්ත වයිට්ගේ පුතාට සහ දුවට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කාන්තාවන් 4 දෙනෙක් සමග පොලිස් නිලධාරීන් 21 දෙනෙක් මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා නිදහස් කරලා තියෙනවා. ඔවුන් දෙපළගේ ආරක්ෂාවට. ඔවුන් දෙපළ කරන්නෙ මොකක්ද, මේ අර ගල්කිස්ස පැත්තෙ බීච් රෝඩ් එකේ තියෙන චීන කටු ආයතනයක උපාධි දෙකක් අරගෙන තාත්තා රෑට හීනෙන් බෙහෙත් කියනවා කියලා දැන් බෙහෙත් දෙන්න පටන් අරන්. දැන් පොලිසියෙ 21ක් අනුයුක්ත කරලා තියෙනවා, මං ගාව ලැයිස්තුවත් තියෙනවා. දිග ලැයිස්තුවක්. ඒලියන්ත වයිට්ගේ දුවට සහ පුතාට ආරක්ෂාවට. මොකක්ද මේ ? කෝ මහ ලොකු පොලිසිය බාර ඇමති සරත් වීරසේකර ? කතාව දෝලාවෙන්, කෝ වැඩ ?’