ඖෂධ සංස්ථාවේ සභාපතිත් ඉල්ලා අස්වෙයිද?

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වල්ල මහතා සමග ඇතිකරගත් මතගැටුමක් හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි යන මහත්වරුන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත මෙම තනතුරු හිස්වනු ඇති බව වාර්තා කර ඇති අතර පසුගිය දින කිහිපය තුළ අදාල පුද්ගලයන්ව විෂය භාර අමාත්‍යවරයා විවේචනයට ලක් කර ඇති බවත් වාර්තා කර ඇත.