ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ විවෘත කිරීමේ උත්සවය සදහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ එම උත්සවයට සහභාගී වීමට නියමිතය.
ඔක්තෝබර් 20 දින අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගුවන් තොටුපොළ විවෘත කිරීමට නියමිතය.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති නමුත් ඔහුට එම උත්සවයට සහභාගී විය නොහැකි නිසා නාමල් රාජපක්ෂ මහතා එම උත්සවයට සහභාගී වීමට නියමිතය.
ඉන්දියාවෙන් එවන ලද විෙශ්ෂ යානයකින් අදාල ගුවන්තොටුපොළට ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යන අතර එම ගුවන් යානයේ මෙරට හිමිවරුන් 100 ක් සහභාගී වීමට නියමිතය.
තවද එම ගුවන්තොටුපොළෙ පරිශ්‍රයේ ප්‍රදර්ශනය කිරීමට මෙරටින් දුර්ලභ චිත්‍ර 2ක් ලබාදීමට ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරි මිලින්ද මොරගොඩ මහතා කටයුතු කර ඇත.
ඒ කැලණිය රජමහා විහාරයේ සොලිස් මෙන්ඩිස් සිතුවම් කළ ඓතිහාසික සිතුම් දෙකක්ය.