මහින්දානන්දට විශ්වාසභංගයක්

ගොවිතැනට අවශ්‍ය පොහොර නියමිත වේලාවට ලබා නොදී ගොවීන්ගේ විශ්වාසය කඩ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසා ඇත.

එම විශ්වාසභංගය ගෙන ඒම සදහා පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡාව කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන බව ඔහු පවසා ඇත.

තවද ආණ්ඩුව යටතේ ගොවීන් යන එනමං නැති පිරිසක් බවට අද පත්ව ඇති බවත් ආණ්ඩුවට ගොවීන්ට සහන ලබාදිය නොහැකි බවත් ඒ මහතා පවසා ඇත.