පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේන මහතා පොලොන්නරු ශ්‍රී ලනිප තරුණ බලමණ්ඩලයේ සභාපති ධූරය පත් වී ඇත.
ඒ අනුව ඔහුගේ දේශපාලන කටයුතු ආරම්භ කර ඇත.
ඔක්තෝබර් 16 දින ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් යටතේ මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවා ඇත.
එම අවස්ථාවට දහම් සිරිසේන මහතාද සහභාගි වී ඇත.
එම තරුණ හා කාන්තා බලමන්ඩලය සදහා නිලධාරීන් එම අවස්ථාවේදී තෝරා පත්කරගෙන ඇත.
තවද ඔක්තෝබර් 17 දින පොලොන්නරුව නගරයේදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සංවිධාන ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පක්ෂයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවා ඇති අතර එම අවස්ථාවට මෛත්‍රීපාල සිරිසේන සහ දහම් සිරිසේන මහත්වරුන් සහභාගී වී ඇත.