යුගදනවි ගැන අන්තිම තීන්දුවකට විමල් පිල 23 රැස් වෙනවාලු!

යුගදනවි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ක නායකයන් ලබන 23වනදා යළි රැස්වීමට නියමිත බව මාධ්‍ය වාර්තා කරලා තියෙනවා.

එම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස දන්වමින් ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ නායකයින් ඉකුත්දා ජනාධිපතිවරයාට ලිපියක් ද යොමු කර තිබුණාලු. ගිවිසුම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන ලෙසට ජනාධිපතිවරයා එම ලිපියට ප්‍රතිචාර දක්වමින් කීවාලු.

ඒකට ප්‍රතිචාර විදියට තමයි 23 වැනිදා ආපහු රැස්වෙන්න නියමිතව තියෙන්නේ.