අපේජනබලපක්ෂයපක්ෂයේජාතිකලැයිස්තුමන්ත්‍රීධූරයසඳහාගලගොඩාත්තේඥානසාරහිමියන්පත්කිරීමටසූදානම්වනබවවාර්තාවේ.
අපේ ජන බල පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය ඔක්තෝබර් 15 දින අහෝසි කර තිබුණු අතර එම පක්ෂය ඒ බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.
ඒ අනුව අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අතුරලියේ රතන හිමියන්ගේ හිස්වන මන්ත්‍රීධුරයට ඥාණසාර හිමියන්ව පත් කිරීමට නියමිතය.
අදාල මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් රතන හිමියන් සහ ඥානසාර හිමියන් සම කාලසීමාවක් දැරීමට එකඟත්වයක් තිබුණු නිසා මෙම තීරණය ගෙන තිබුණු නමුත් මෙම මන්ත්‍රීධූරය සදහා පටන් ගැන්මේ සිට ඥාණසාර හිමි පාර්ශවයන් සහ රතන හිමියන්ගේ පාර්ශවයන් අතර ගැටුම් ඇති විය.
කෙසේවෙතත්මෙමසිද්ධියපිළිබදවමැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මාධ්‍ය වෙත පවසා ඇත්තේ පක්ෂයේ මහ ලේකම්වරයා තමන්ට දැනුම් දී ඇති බවත් මේ පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ද ලිඛිතව දැනුවත් කළ බවත් බවසා ඇත.
අපේ ජන බල පක්ෂයේ මහ ලේකම් නිශාන්ත රත්නායකගෙන් මාධ්‍ය කළ වීමසීමකදී ඔහු පවසා ඇත්තේ කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට අපේ ජනබල පක්ෂය තීන්දු කර තිබුණත් ,එම තීන්දුව නොතකා තම පෞද්ගලික අභිමතය පරිදි පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ඇතුළු චෝදනා යටතේ කළ විනය පරීක්ෂණයේ තීන්දුව අනුව රතන හිමියන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කළ බවය.
මැතිවරණ කොමිසමේ ඉදිරි ක්‍රියාමාර්ග අනුව සිය පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වෙනත් අයකු පත් කිරීමට පක්ෂ දේශපාලන මණ්ඩලය තීරණය කරනු ඇති බවත් ඔහු පවසා ඇත.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් සිදු කර තිබුණු අතර ඒ මහතා පවසා ඇත්තේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව සඳහන් ලිපියක් මෙතෙක් තමන් වෙත නොලැබුණු බවය.