ඉන්ධන මිලදී ගැනීමට සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු ලංකාදීප වෙත පවසා ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සම්බන්ධතාව මත ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් එම ණය මුදල ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව කී එම නිලධාරියා විශේෂයෙන් පෙට්‍රල් සහ ඩීසල් ආනයනට එම මුදල යොදවන බව සඳහන් කර ඇත.