නොවැම්බර් 12 වන දින අය වැය කියවීමට සහ ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් 10 වන දා අතර කාලය තුළදී නිල, පෞද්ගලික හෝ විදේශ සංචාරවලට සහභාගි වීමෙන් වළකින ලෙස සියලුම අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත.
2021 ඔක්තෝබර් 13 වන නිකුත් කර තිබුණු විශේෂ චක්‍රලේඛයක් මඟින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මේ බව දැනුම් දී ඇත.
අදාල විශේෂ චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත්තේ 2022 අය-වැය ලේඛනය මේ වනවිට සකස් වෙමින් පවතින බවත් මුදල් අමාත්‍යංශය අදාළ අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, විදේශ තානාපති සේවාවන් හා ජාත්‍යන්තර සංවර්ධන අරමුදල් ආයතන සමඟ තාක්ෂණික මට්ටමේ ඇගැයීම්වල යෙදෙන බැවින් ඒ සඳහා ඇමතිවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා අදාළ සියලු නිලධාරීන්ගේ සෘජු දායකත්වය මුදල් අමාත්‍යංශයට ලබාදිය යුතු බවය.
ඒ නිසා මෙරටින් පිටතදී සිදුකරන විශේෂ අවස්ථාවන් ආවරණයට විදේශ අමාත්‍යංශය මගින් විදේශ රටවල පිහිටි මෙරට තානාපති කාර්යාල ඔස්සේ අදාළ නියෝජනය ලබාදෙන බව එහි දක්වා ඇත.
ඒ නිසා අත්‍යවශ්‍යම කටයුත්තකට හැර එම කාලය තුළ විදේශ සංචාරවලට සහභාගි වීමෙන් වළකින ලෙස එම චක්‍රෙල්ඛයෙන් ඉල්ලා ඇත.