මේ වන විට මෙරට ගබඩා කකර ඇති ඉන්ධන ප්‍රමාණවත් වෙන්නේ 2022 ජනවාරි මාසය තෙක් පමණක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත දැනුම් දී ඇත.
ඒ අනුව වහාම ඉන්ධනවල මිල වැඩි කිරීමක් හෝ ඉන්ධන සදහා මුදල් අමාත්‍යංශයෙන් සහනයක් ලබා නොදුනහොත් සංස්ථාව බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ගමන්පිල මහතා දන්වා ඇත.
තවද ඒ මහතා පෙන්වා දී ඇත්තේ මේ වනවිට තෙල් සංස්ථාව බිලියන 83ක පාඩුවක් දරමින් සිටින නිසා වහාම මීට විසදුමක් ලබා දෙන ලෙස ගම්මන්පිල මහතා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත.