චීන පොහොර නැව 25 ලංකාවට! බලෙන් දීලා යයිද?

චීනයේ සිට කාබනික පොහොර රැගත් නෞකාවක් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති බවත්  ඔක්තෝබර් 25 වැනිදා එම නෞකාව ලංකාවට පැමිණීමට නියමිත බවත් හේමකුමාර නානායක්කාර මහතා පවසා ඇත.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදීය.

අදාල පොහොර  නෞකාව පසුගිය සැප්තැම්බර් 22 දා චීනයේ චන්ඩාගෝ වරායෙන් පිටත්ව ඇති බවත් නෞකා දත්ත තොරතුරු පද්ධතියෙන් මෙම නැවේ ගමන තහවුරු වී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි.

අදාල නෞකාව පැනමියානු ධජය සහිත නෞකාවක් වන අතර එය සිංගප්පූරු වරායේ නැංගුරම් ලා ඇති අතර දැනට මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ලංකාව දෙසට ගමන් කරමින් පවතින බවත් මාධ්‍ය වාර්තා කර ඇත.

චීනයේ Qingdao Seawin Biotech Group Ltd. හි ‘Hippo Spirit’ නමින් මෙට්‍රික් ටොන් 20,000 ක කාබනික පොහොර මේ වන විටත් නැවේ ඇති බව පැවසෙන අතර චීන කාබනික පොහොර සාම්පල් පිළිබඳව පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන විට චීන කාබනික පොහොර අඩංගු යාත්‍රාව ගමන් කිරීමට පිටත් තිබුණි බව මාධ්‍ය වාර්තා කර තිබුණි.