ඉන්දීය රුපියල් කෝටි 200ක මූල්‍ය අපරාධයකට සම්බන්ධ සුකේෂ් චන්ද්‍රසේකර් පිළිබදව සාක්ෂි ලබා දීමට පැමිණෙන ලෙස දිල්ලි මූල්‍ය බුද්ධි ඒකකයට බොලිවුඩ් නිලි ජැක්ලීන් ෆර්නෑන්ඩස්ව අවස්ථා 3කදී කැඳවා තිබුණත් ඇය එම කැඳවීම් මගහැර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් ඇය එම දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ තම රාජකාරී කටයුතු නිසා ඇයට සාක්ෂි ලබා දීමට පැමිණිය නොහැකි බැවින් නොවැම්බර් මාසයේ දිනෙක පැමිණ අදාල සාක්ෂි ලබා දීමට තමන්ට හැකි බවය.
එහෙත් එම දෙපාර්තමේන්තුව ජැක්ලීන් මෙනවිය හට දැනුම් දී ඇත්තේ ඔක්තෝබර් 18 දිනට පෙර පැමිණ සාක්ෂි ලබා දෙන ලෙසය.
අදාල මුල්‍ය වංචාව පිළිබඳව මේ වන විට බොලිවුඩ් නිලි ජැක්ලීන් ෆර්නෑන්ඩස් සහ නෝරා ෆත්‍රේහි යන දෙදෙනාගෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය ප්‍රශ්ණ කර ඇති අතර ඔවුන් ලබා දුන් සාක්ෂිවලින් හෙලිවී ඇත්තේ අදාල මූල්‍ය වංචාව සිදු කලා යැයි පවසන පුද්ගලයා ජැක්ලීන් හා නෝරා සමග මුදල් හුවමාරුවක් සිදු වී ඇති දැයි විමර්ශන සිදු වන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.