ජේතවන පුදබිමේ පෞරාණික ගල් ඉවත් කර මැටිගල් ඇල්ලීමේ සූදානමක්!

අනුරාධපුර ජේතවන පුදබිමේ උතුරු දොරටුව අභියස විශාල ප‍්‍රමාණයේ බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් පෞරාණික ගල් විනාශකර මැටිගල් ඇල්ලීමට කටයුතු කරන බව පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ දිවයින පුවත්පතට පවසා ඇත.

‘ජේතවනාරාමය විනාශ කරලා නැවත මැටි ගඩොල් ඇල්ලීමෙන් වැස්සට සේදිලා විනාශවෙලා යනවා. මේවා පවතින දේවල් නෙමෙයි. පොලොන්නරුවේ වටදාගෙයටත් මෙවැනිම සිදුවීමක් වුණා. මේ ව්‍යාපෘති නිලධාරීන්ගේ වැඩ. මේ කරන දේ සම්පූර්ණ පුරාවිදවට පටහැනියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මධ්‍යම සංස්කෘතික අරමුදල ඔය උගතුන් බුද්ධිමතුන් කියා ගන්නා පිරිසට අපි කියනවා, මේවායින් වෙන හානිය හිතන්න කියලා.’