චීනයෙන් ගෙන්වීම නතර කර තිබූ පොහොර තොගය රැගත් නැව මෙරටට පැමිණෙමින් තිබෙන බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.
එම පුවත්පතට අදහස් දක්වමින් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාද තෙන්තකෝන් පවසා ඇත්තේ මෙම පොහොර තොගයේ ගොවිතැනට අහිතකර බැක්ටීරියා පවතින බවට සිදුකරන ලද පරීක්‍ෂණවලින් හෙළිවීම නිසා පොහොර මෙටි‍්‍රක් ටොන් 93,000 ක් චීනයෙන් මෙරටට ගෙන්වීම අත්හිටුවා ඇති බවය.
එහෙත් පොහොර තොගය ඒ වන විට නැව්ගත කර තිබූ බවත්, එය මෙරටින් ප‍්‍රතික්‍ෂේප කළත් ගිවිසුම් ගත වී තිබෙන ආකාරයට පොහොර තොගය මෙරට විසින් භාරගත යුතු නිසා අදාළ පොහොර නැව සිංගප්පූරුව හරහා මැලේසියාව පසුකරමින් මෙරටට ළඟාවෙමින් තිබෙන බවත් ඔහු පවසා ඇත.
මෙම පොහොර නැව ලබන සඳුදා වන විට මෙරටට ළඟාවනු ඇතැයි ද ඔහු පවසා ඇත. මෙම පොහොර ගෙන ඒම පිටුපස කෘෂිකර්ම අමාත්‍යාංශයේ හතරදෙනාගේ කල්ලියක් සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසා ඇත.