සහනාධාරය දෙන්න, නැත්නම් තෙල් මිල වැඩි කරන්න – ගම්මන්පිල

LIOC සමාගම ඉන්ධන මිල ඉහළ දමන්නැයි ඉල්ලා තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට සලකා බලමින් සිටින බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසා ඇත.

ඒ අනුව පෙට්‍රල් රුපියල් 15 කින් සහ ඩීසල් රුපියල් 25 කින් වැඩි කිරීමට අවසර ලබාදෙන ලෙස එම සමාගම බලශක්ති අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති බව ඒ මහතා පවසා ඇත.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා අවසර ලබා දෙන්නැයි පසුගියදා ඉල්ලා තිබූ අතර කෙසේ නමුත් මේ දක්වා මිල ඉහළ දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැත.

ඔක්තෝබර් 11 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේදීද තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූණි. එහිදී ජනාධිපතිවරයා ඇත්තේ මේ අවස්ථාවේදී තෙල් මිල වැඩි නොකරන ලෙසය.

මේ පිළිබඳව අදහස් චක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉන්ධන අලෙවියෙන් සංස්ථාව ලබන පාඩුව තවදුරටත් දරාගත නොහැකි බවත්  ඉන්ධන මිල වැඩිකළ යුතු බවත්, එසේ නැතහොත් මුදල් අමාත්‍යංශයෙන් සහනාධාරයක් හිමිවිය යුතු බවත්ය.

https://www.facebook.com/watch/?v=915009026098226