අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම සමඟ ශ්‍රී ලංකාව අත්සන් තැබූ ගිවිසුම රටට අහිතකර බවත්, මෙම ගිවිසුම තවමත් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට නැති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල බවසා ඇත.
ඒ මහතා මේ බව පවසා. ඇත්තේ ඔක්තෝබර් 11 වන දින දෙරණ නාලිකාවේ විකාශය වූ 360 වැඩසටහන සහභාගී වෙමිනි.
’17වනදා රාත්‍රියේ අත්සන් කරපු ගිවිසුම අපි දැකලා නෑ. ඒ ගිවිසුමේ වගන්තිය අනුව ගෑස් සැපයිමේ ඒකාධිකාරය හිමි වෙනවා නිව් ෆෝට්‍රස් සමාගමට. චීනය වගේ නෙමේ ඔබ දන්නවා අමෙරිකාව අපේ රටේ ප්‍රශ්න වලට ඇඟිලි ගහනවා, අනාගතේ යම් දවසක රට ෆෙඩරල් කරපන් නැත්නම් රට අඳුරේ තියනවා කියන්න මේ ගෑස් යතුර අතේ තියෙන මේ අමෙරිකාව කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ රට නැටවීමේ මැජික් යතුර බවට මේ ගෑස් ඒකාධිකාරය පාවිච්චි කිරීමට අමෙරිකාවට හැකියාවක් තියෙනවා. ඒකේ අවදානමක් තියෙනවා. කවුරු අත්සන් කරත් වැරදි දේ වැරදිමයි.‘