නිරෝගී දරුවන්ට එන්නත ඕන නැහැ – මහාචාර්ය තිස්ස විතාරණ

නිරෝගී පාසල් සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ  අවශ්‍යතාවක් නැති බව  වෛරසවේදී විද්‍යාඥ මහාචාර්ය තිස්ස විතාරණ ලංකාදීප පුවත්පතට පවසා. ඇත.

විවිධ රෝගාබාධවලින් පෙළෙන  දරුවන්ට කොරෝනා  මර්දන එන්නත ලබාදීම  වැදගත් බවත් නිරෝගි දරුවන්ට  මූලික සෞඛ්‍ය නීතිය අනුව  කටයුතු කිරීමට කිරීමට මග පෙන්වීම් ලබාදීම   ප්‍රමාණවත් බවත් මහාචාර්යවරයා පවසා ඇත.

සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් සොයා බැලීමට පාසල් මට්ටමින් කමිටු පත් කළ යුතු බවත් ඒ මහතා පවසා ඇත.

එන්නතෙන් සිදුවන්නේ  වයිරසයේ පැතිරීම පාලනය නොව  වයිරසය  ආසාදනය වීමෙන් පසු රෝග ලක්ෂණ ඉස්මතුවීම සහ මරණ වැළැක්වීම බවද  තිස්ස විතාරණ මහතා පවසා ඇත.

මේ අතර සමාජයේ රංචු ප්‍රතිශක්තිය වර්ධනයවීමට නම්  ජනගහනයෙන්  සියයට  අසූවකටවත් එන්නත  ලබා දිය යුතු බව පැවසූ  මහාචාර්යවරයා වයස 60ට වැඩි පුද්ගලයන්ට සහ විවිධ සංකූලතාවලින් පෙළෙන පුද්ගලයන්ට වාර්ෂිකව එන්නත් මාත්‍රා (බූස්ටර්) ලබාදීම වැදගත් බවද සඳහන් කර ඇත.