අදියර තුනකින් දෙන්නම් මහින්ද කියලා! අරගල ඉදිරියට ගුරු විදුහල්පති සංගම්!

ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ගුරු විදුහල්පති වෘත්තිය සමිති සිදු කළ සාකච්ඡා එකඟතාවක් නොමැතිව අවසන් වී ඇත.

සුබෝධනි වාර්තාට අනුව ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා වට විසදුමක් ලබා දෙන ලෙස ගුරු විදුහල්පතිවරුන් අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණු අතර එම වාර්තාවට අනුව ක්‍රියාත්මක වීමට රජයට මේ මොහොතේ නොහැති බව අගමැතිවරයා පවසා ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් ප්‍රශ්ණය විසදීමට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් මේ වන විට ඇති වී ඇති ආර්ථික අර්බුදය නිසා ආණ්ඩුවට එවැනි මුදලක් නොමැති නිසා මුදල් අමාත්‍යංශයෙන් එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අගමැතිවරයා ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයන්ට පවසා ඇත්තේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා වට කොටස් දෙකකින් විසදුම් ලබා දිය හැකි බවය.

එම කොටස් 2කද අදියර 3ක් යටතේ ලබා දිය හැකි බව අගමැතිවරයා පවසා ඇත.

ඒ අනුව තුනෙක් එකක් 2022 ජනවාරි මාසයේද, ඉතිරි තුනෙන් දෙක 2023 වර්ෂයේ ජනවාරි මාසයේද ලබා දිය හැකි බව අගමැතිවරයා පවසා ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයාගේ මෙම තීරණයට ගුරු විදුහල්පතිවරුන්ගේ සංගම් එකඟතාවක් පළ කර නොමැත.

කෙසේ වෙතත් අදාල සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටයේ මෙම කාරණය පිළිබඳව හෙට දිනයේදී ගුරු විදුහල්පති වෘත්තීය සමිති සාකච්ඡාවක් පවත්වන බවත් තම අරගලය නොනවත්වා පවත්වා ගෙන යන බවත්ය.