පළාත් සභා මන්ත්‍රීවරුන් නොමැති වීම රටේ ජනතාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට කරන අසාධාරණයක් බව විදේශ ඇමති ජී එල් පීරිස් මහතා පවසා ඇත.
ඒ අනුව 2022 මාර්තු මාසයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් බවත්, කිසිදු බාහිර බලවේගයක බලපෑම යටතේ මැතිවරණය පැවැත්වෙන්නේ නැති බවත් ඒ මහතා පවසා. ඇත.
වසර දෙකක් තිස්සේ ජනතාවට පළාත් මහජන නියෝජිතයින් හමුවී තම ගැටලු ගැන සාකච්ඡා කිරීමට නොහැකි වූ බවත් ජනතා අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා රජයේ වැඩ සටහන් සංශෝධනය කරමින් රජය පළාත් සභා මැතිවරණය කැඳවන බවත් ඔහු පවසා. ඇත.