අපි ගෙදර! අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ පත්වීම් ලැබූ නිලධාරීන් 200ක් ජනපතිට ලියයි!

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නව විමර්ශන නිලධාරින් ලෙස සේවය කිරීමට තමන් සුදුසුකම් ලබා වසර දෙකක කාලයක් ගත වූවත් එම පත්වීම් ලබා නොදීමෙන් තමන්ට නිවසට වී සිටින්නට සිදු වී ඇති බව පවසමින් එම සුදුසුලාභින් කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් පවසා ඇත.

ඔක්තෝබර් 11 වන දින මෙම පිරිස අදාල  ලිපිය ජනාධිපතිවරයාට  යවා ඇත.

2018 ජුනී 08 වන දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් සිදුකරන විමර්ශන කටයුතු විධිමත් කිරීමට දූෂණ විමර්ශන නිලධාරි 200ක් බඳවාගැනීමට ගැසට්ටුවක් මඟින් තරඟ විභායගක් සඳහා අයදුම්පත් කැඳවූ බව එම ලිපියේ සඳහන් කර ඇත.

ඒ අනුව එම විමර්ශන නිලධාරින් බඳවාගැනීමට පැවැත්වූ තරග විභාගය කොළඹ ඇතුළු නගර හයකදී 2018 ඔක්තෝබර් 27 පවත්වා තිබුණු බවත් එහින් 407 කගේ නම් ලැයිස්තුවක් 2019 මාර්තුවේදී ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර තිබුණු බවත් ලිපියේ සදහන් කර ඇත.

ඉන්පසුව 2019 ජූලි 4 වැනිදා අදාල තනතුරට බඳවා ගැනීමට අදාල සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ බවත් ඉන් 200ක් තෝරාගත් බවත් ඔවුන් ලිපියේ සදහන් කර ඇත.

එම සුදුසුකම්ලාභින්ගේ ලාභින්ගේ 2019 සැප්තැම්බර් මාසයේ ප්‍රසිද්ධ කළ බවත් 2019 දෙසැම්බර් මාසය වන විට ඔවුන්ට අදාළ පොලිස් වාර්තාද කොමිසමට ගෙන්වා ගත්බවත් ලිපියේ සදහන් කර ඇත.

එහෙත් අවුරුදු ගෙවී ගියත් තම පත්වීම් ලැබී නැති බවත් ලිපියේ සදහන් කර ඇත. 

20 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අල්ලස් කොමිසමේ සාමාජිකයන් පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට බැවින් තම ප්‍රශ්ණය ලිඛිතව මෙසේ ජනාධිපතිවරයාට යොමු කරන බවත් ලිපියේ සදහන් කර ඇත.